Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඡාත්‍යන්තර සන්නද්ධ සේවා ක්‍රීඩා සභාවේ සංවිධානයෙන් මීගමුව වෙරළ තීරයේදී පැවැති සිවුවැනි ලෝක සන්නද්ධ සේවා වෙරළ වොලිබොල් තරගාවළියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පළමු වරට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලිය සන්නද්ධ සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්ගේ සහයෝගය ඇතිව පැවැත්විණ.
ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, කොලොමිබියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගි වූ මෙම තරගාවලියේදී පිරිමි කණ්ඩාම් 15 ක්ද, කාන්තා කණ්ඩයම් 6 ක්ද තරග වැදිණ. එහිදී වට 2-1 ක් ලෙස ජර්මනි කණ්ඩායමක් පරාජය කරමින් පිරිමි ශූරතාව දිනාගැනීමට ප්‍රංශ කණ්ඩායමක් සමත් වූ අතර කාන්තා ශූරතාව දිනාගැනීමට ප්‍රංශ කණ්ඩායමක් සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පරාජය කරමිනි.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂ්ල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර ඡාත්‍යන්තර සන්නද්ධ සේවා ක්‍රීඩා සභාවේ වෙරළ වොලිබොල් තරගාවලියේ සංවිධායක කමිටු සභාපති එයාර් වයිස් මාර්ෂල් නිෂාන්ත තිලකසිංහ මහතා ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.