Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යා විදුහලට 19-8 ක ජයක්

විද්‍යා විදුහලට 19-8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර්’ කුසලාන ලීග් (පාසල්) රග්බි තරගාවලියේ අද (09 වැනිදා) පැවැති තරගයකදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය විසින් සහිරා විදුහල ලකුණු 19-8 කින් පරාජය කරන ලදි.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේදී පැවැති මෙම තරගයේ දී විද්‍යා විද්‍යාල පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය. සහිරා විදුහල් පිල උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-3 කින් පෙරමුණ ගැනීමට විද්‍යා විද්‍යාලයිය පිල සමත්වූ අතර දෙවැනි භාගයේදි ලකුණු රැස් කිරීමට අසමත් විය.

දෙවැනි භාගයේදි සහිරා විදුහල් පිල උත්සාහක දිනුමක් තැබීමට සමත්විය. විද්‍යා විද්‍යාලයිය පිටියේදි තරගය පැවැත්විණි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ රග්බි තරගාවලිය ශ්‍රී ලංකාවේ පාසල් අතර පැවැත්වෙන ප්‍රධානතම රග්බි තරගාවලියයි. මෙම තරගාවලිය ආරම්භ කරමින් ශාන්ත ජෝෂප් පිලට එරෙහිව පසුගිය සති අන්තයේ පැවැති තරගයේදී විද්‍යා විදුහල් පිල ලකුණු 20-14 ක පරාජයක් ලැබීය.

 


අදහස් (0)

විද්‍යා විදුහලට 19-8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.