Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විදුෂාට ලෝකඩ පදක්කමක්

විදුෂාට ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

චීන තායිපේහිදී ඊයේ (12) ආරම්භ වූ 16 වන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා විදුෂා  ලක්ෂානි තුන්පිම්ම  (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දිනාගත් පළමු පදක්කම මෙය වන අතර  තුන්පිම්ම කාන්තා ඉසව්වේ ඇයගේ දස්කම මීටර 12.87 ක් ලෙස වාර්තා විය. ඇය මීගමුව නිවුස්ටඞ් බාලිකා විදුහලේ සිසුවියෙකි.

ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වන හිමාෂ ඒෂාන් ඊයේ (12) මීටර් 100 (පිරිමි) මූලික තරග සඳහා සහභාගිවීමට නියමිතව තිබුණි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක්  ලබන සඳුදා (16) දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වී සිටියි.


අදහස් (1)

විදුෂාට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.