Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘විජයබා සුපර්ක්‍රොස්’ යතුරුපැදි තරගාවලිය ලබන ඉරිදා (24 වැනිදා) පෙරවරු 9.00 සිට කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.
තරග ඉසව් 13 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා යතුරුපැදිකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගි වීමට නියමිතය.
ඉකුත් වසරේ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් ජපන් ජාතික ටොමායා සුසුකි සහ ලාබාල ඉන්දීය යතුරුපැදිකරුවකු වන රුවෙල් දිනේෂ්, විදෙස් තරගකරුවන් ලෙසින් මෙවර තරගාවලියට එක්වන බව සංවිධායකයෝ පවසති.
මෙතෙක් පැවැති තරගාවලි 12 න් 4 කදීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ගයාන් සඳරුවන් සමත් වී ඇති අතර අවස්ථා 2 කදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට නලින් පෙරේරා සහ ආනන්ද වෙඩිසිංහ සමත් වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.