Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු වට දෙකම ගියවර ශූරතාව දිනූ යුද හමුදා ක්‍රීඩකයන්ට පරාජය වී තිබියදී යළි නැගී සිටි විදුලිබල මණ්ඩල ක්‍රීඩකයෝ ජාතික වොලිබෝල් ශූරයන් ලෙස හිමිකර ගෙන තිබූ අභිමානය රැකගනිමින් තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරගයෙන් යුද හමුදා කණ්ඩායම වට 3/2කින් පරාජය කරමින් සුපිරි ලීග පිරිමි ශූරතාව දිනා ගත්හ.
එහිදී කැපී පෙනුනේ පරාජිත යුද හමුදා කණ්ඩායම තරගයේ පළමු වටය ඉතා පහසුවෙන් ජයගෙන තිබියදී (25/15) ඔවුන් ලද මෙම පරාජයයි. මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පෙරේදා (16) 31 වැනි තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් අවසන් මහ තරග පැවැත්වුණි.
මෙම සුපිරි ලීග කාන්තා ශූරතාව දිනා ගත්තේ පසුගිය නොවැම්බර් 18 වැනිදා පැවැති ජාතික වොලිබෝල් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ විසින්ම වීම කැපී පෙනුනි.
ඒ වට 3-0කට නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි. මෙවර සුපිරි ලීග පිරිමි ශූරතාව දිනා ගත් විදුලිබල මණ්ඩල කණ්ඩායම ගියවර අනුශූරතාව ලද කණ්ඩායම වේ.
මේ අතර සුපිරි ලීග කාන්තා තරගාවලියේදී ද යුද හමුදා ක්‍රීඩා සමාජයේ පසුබැසීම මැනවින් ප්‍රදර්ශනය වූයේ ඔවුන් මෙවර කාන්තා ශූරතාව ද අහිමිකර ගැනීමෙනි. ඒ අනුව ගියවර ශූරතාලාභී යුද හමුදා කණ්ඩායමට මෙවර තෙවැනි ස්ථානය දක්වා පහළට යාමට සිදු විය. නාවික හමුදා කණ්ඩායම මෙවරත් අනුශූරතාව ලැබීය.
මේ අතර ජාතික තරුණ සේවා සභාවේ ප්රචාරක නිලධාරී අනිල් සිරිවර්ධන මහතා ලංකාදීපයට පැවැසුවේ තරගමාලාවේ අභියෝග ශූරතා කාණ්ඩයේ කාන්තා අවසන් මහ තරගය පසුගිය නොවැම්බර් 21 වැනිදා පවත්වා අවසන් කළ බවයි.
එම අවසන් මහ තරගය සඳහා තේරුණු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බහුතරයක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නවුන් බැවින් ඔවුන්ගේ ඉල්ලීමක් අනුව මෙම තරගය කලින් පවත්වා අවසන් කළ බව ඔහු එහිදී පැවැසීය.
මෙවර අභියෝග ශූරතා කාන්තා තරගාවලිය කෑගල්ල සුපර්සෙවන් යෞවන සමාජ පිල ජයගනිද්දී පිරිමි ශුරතාව දිනා ගත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර යෞවන සමාජ පිල විසිනි.
ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහයෝගයෙන් මෙවරත් තරගාවලිය සංවිධානය කිරීමේදී ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් ලක්ෂයේ පටන්ද දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 25,000 මුදල් ත්‍යාග රැසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල පුනර්ජනනීය හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අතින් ප්රදානය කෙරුණි. එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග, වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් තරග මාලාවේ (2017) අවසන් මහ තරග ප්‍රතිඵල හා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්
(අභියෝගතා ශූරතා කාණ්ඩය)
කාන්තා:- කෑගල්ල සුපර්සෙවන් යෞවන සමාජ පිල විසින් පුත්තලම රතනපාල යෞවන සමාජ පිල පරාජය කරන ලදී. (3/0)
තෙවැනි ස්ථානය:- ..... පුබුදු යෞවන සමාජ පිල
දක්ෂතම ක්‍රීඩිකාවෝ:- දක්ෂතම ක්‍රීඩිකාව හා දක්ෂතම පන්දු පිරිනමන්නිය : සචිනි රුවන්තිකා ප්‍රේමරත්න (සුපර් සෙවන්), දක්ෂතම පන්දු ලබාගන්නිය : ආර්.එම්.පී. ලක්මාලි දසනායක (සුපර් සෙවන්), දක්ෂතම ප්‍රහාරිකාව : දිලුෂි හර්ෂණී (සුපර් සෙවන්), දක්ෂතම පන්දු වළක්වන්නිය: ප්‍රීතිකා ප්‍රබෝධනී (රතනපාල), දක්ෂතම ඔසවන්නිය: සුනේත්‍රා ප්‍රියදර්ශනී (සුපර් සෙවන්), දක්ෂතම පන්දු ආරක්ෂා කරන්නිය: නදීකා මධුෂානි ජයසේන (සුපර් සෙවන්)
පිරිමි:- නාත්තන්ඩිය දම්මිස්සර යෞවන සමාජ පිල විසින් අනුරාධපුර සිංහ යෞවන සමාජ පිල වට 3/2කින් පරාජය කරන ලදී.
(25/19, 26/28, 23/25, 25/18, 15/07)
තෙවැනි ස්ථානය:- කළුතර ලකී සික්ස් යෞවන සමාජ පිල
දක්ෂතම ක්‍රීඩකයෝ:- දක්ෂතම පන්දු පිරිනමන්නා: පී.එන්.ඩී. ප්‍රනාන්දු (ධම්මිස්සර), දක්ෂතම පන්දු ලබාගන්නා: ඩබ්.එස්.එල්.එල්. විජේදාස (සිංහ), දක්ෂතම ඔසවන්නා: ඩී.එල්.ටී. චානක (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරකයා: ජේ.බී.බී.එස්. බණ්ඩාර (සිංහ), දක්ෂතම වළක්වන්නා: ඒ.ඒ. සේනානායක (ධම්මිස්සර), දක්ෂතම ආරක්ෂා කරන්නා: ආර්. ඉන්දික (සිංහ), දක්ෂතම ක්‍රීඩකයා: එච්.ඒ.ඩී. ප්‍රනාන්දු
(සුපිරි ලීග කාණ්ඩය)
කාන්තා:- ගුවන් හමුදා පිල විසින් නාවික හමුදා පිල වට 3/0කින් පරාජය කරන ලදී. (27/25, 25/23, 34/32)
තෙවැනි ස්ථානය:- යුද හමුදා කණ්ඩායම
දක්ෂතම ක්‍රීඩිකාවෝ:- දක්ෂතම පිරිනමන්නිය: එම්.එච්.එම්. පියමාලි (ගුවන් හමුදාව), දක්ෂතම පන්දු ලබාගන්නිය: එච්.එම්.එස්.එම්. හේරත් (නාවික හමුදාව), දක්ෂතම ඔසවන්නිය: සචිනි චාරුකා (ගුවන් හමුදාව), දක්ෂතම ප්‍රහාරිකාව: අනුත්තරා සඳමාලි (ගුවන් හමුදාව), දක්ෂතම පන්දු වළක්වන්නිය: කේ.එල්. පෙරේරා (නාවික හමුදාව), දක්ෂතම පන්දු ආරක්ෂා කරන්නිය: කසුනි නිමන්සලා (ගුවන් හමුදාව), දක්ෂතම ක්‍රීඩිකාව: අමාලි කෞශල්‍යා (ගුවන් හමුදාව)
පිරිමි:- විදුලිබල කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම වට 3/2කින් පරාජය කරන ලදී. (15/25, 22/25, 25/23, 26/24, 19/17)
තෙවන ස්ථානය:- ගුවන් හමුදා කණ්ඩායම
දක්තම ක්‍රීඩකයෝ:- දක්ෂතම පන්දු පිරිනමන්නා: ඩබ්.සී. මහේෂ් (යුද හමුදාව), දක්ෂතම ලබාගන්නා: කේ.ඩී.එස්. විමලසේන (විදුලිබල), දක්ෂතම පන්දු ඔසවන්නා: කේ.පී. මධුශංක (විදුලිබල), දක්ෂතම ප්‍රහාරකයා: ජී.එස්.එල්. කැලණියගේ (යුද හමුදාව), දක්ෂතම වළක්වන්නා: ආර්.ඒ.ඩී.ඒ.ඩී. පෙරේරා (විදුලිබල), දක්ෂතම පන්දු ආරක්ෂා කරන්නා: ආර්. හර්ෂණ (යුද හමුදාව), දක්ෂතම ක්‍රීඩකයා: ජී.ජී.එල්.එම්. වසන්තප්රිය (විදුලිබල)
ඡායාරූපය:- සුපර් ලීග පිරිමි ශූරතාව දිනාගත් විදුලිබල මණ්ඩල කණ්ඩායම
සුපර් ලීග කාන්තා ශූරතාව දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ
සුපර් ලීග තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා හා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි ස්ථානය හා රුපියල් 250,000ක් බැගින් හිමිකර ගත් ගුවන් හමුදා ක්‍රීඩිකා අමාලි කෞශල්‍යා හා විදුලිබල මණ්ඩල ක්‍රීඩක ලක්මාල් වසන්තප්රිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.