Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දින හතරක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ 92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ) තරගාවලියේ බාලක සමස්ත ශූරතාව වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල විදුහල විසින් දිනා ගන්නා ලදී.මෙවර තරගාවලියේ විශේෂිතම සිදුවීම වන්නේ වසර 12 ක්ම පිට පිටම සමස්ත බාලිකා ශූරතාව දිනා සිටි වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල අභිබවමින් එය දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්වීමයි.
මෙවර වැඩි ලකුණු 32 කින් ලයිසියම් ක්‍රීඩීකාවෝ වෙතින් පසුබෑමට ලක්වූ වලල ඒ.රත්නායක විදුහල 1998 සිට තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව දිනා ගනිමින් සිටින අතර වසර 2012 දී පමණක් රත්නපුරය සුමන බාලිකා විදුහලට එක ලකුණකින් පරාජයවීමෙන් එම වසරේදී මීට පෙර සමස්ත බාලිකා අනුශූරතාව ලබා තිබේ.
මෙවර සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දුර පැනීම (බාලිකා) ඉසව්වෙන් මීටර 6.12 ක දක්ෂතාවක් පළ කරමින් නව තරග වාර්තාවක් පිහිටුවූ වත්තල ජාත්‍යන්තර පාසලේ දිල්නි නෙත්සලා රාජපක්ෂ සම්මාන ලැබුවාය.ඇය වයස 16 න් පහළ කාන්ඩයෙන් තරග වැදුණු ක්‍රීඩිකාවක් වීම කැපී පෙනේ.
එම ජාත්‍යන්තර පාසලේම වයස 20 න් පහළ කාණ්ඩයේ තරග වැදුණු මීටර් 110 - කඩුලු ක්‍රීඩක සදුන් කෝසල මෙවර සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලැබීය. තත්පර 14.10 ක දක්ෂතාවක් එහිදී ඔහු පළ කර තිබුණි.
ශූරතා කුසලාන 57 ක් සදහා මෙවර තරගාවලිය පැවැත්විණි. පිට පළාත් බාලිකා ශූරතාව වලල ඒ රත්නායක මැදි විදුහල විසින් දිනා ගනිද්දී එහි බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහලට හිමි විය.එහිදී මීගමුව ආවේ මරියා කන්‍යාරාමය හා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පිළිවෙළින් පිට පළාත් පාසල් බාලිකා හා බාලක අනුශූරතා ලැබීය.
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරගාවලියේ තවදුරටත් ඉහළම දක්ෂතා දක්වමින් පිළිවෙළින් සහාය දිවීමේ සමස්ත බාලක හා බාලිකා ශූරතා දිනා ගැනීමටද සමත් විය.
තරගාවලියේ සමස්ත කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා පැමිණි පාසල්
බාලක
• ශූරතාව - වෙන්නප්පුව ජෝශප් වාස් ව්දුහල (ලකුණු 117)
• අනුශූරතාව - කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (77)
• තෙවැනි ස්ථානය - මීගමුව මාරිස්ටෙලා විදුහල (74)
බාලිකා
• ශූරතාව -වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (189)
• අනුශූරතාව-වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහල (157)
• තෙවැනි ස්ථානය - මිගමුව ආවේ මරියා කන්‍යාරාමය.
බාලක කණ්ඩායම
බාලිකා කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.