Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වතුපිටිවල ක්‍රීඩාංගණය කබඩි සම්මේලනයෙන් ඉල්ලයි

වතුපිටිවල ක්‍රීඩාංගණය කබඩි සම්මේලනයෙන් ඉල්ලයි

editorial - 2020 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ඉදිකිරීම් අවසන් වෙමින් පවතින ගම්පහ වතුපිටිවල ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනය භාරයට පත්කරන ලෙස එම සම්මේලනය ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. කලක පටන් ආධුනික කබඩි සම්මේලනයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් නොමැතිවීමේ අඩුපාඩුව එයින් සම්පූර්ණවන බව ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.


ඉදිරියේදී ජාතික කබඩි සංචිත ස්ථාපිත කිරීමේදී හා අනෙකුත් කබඩි පුහුණු ක්‍රියාකාරකම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වතුපිටිවල නව ක්‍රීඩා සංකීර්ණය වඩාත් යෝග්‍ය තත්ත්වයෙන් පවතින බව කබඩි සම්මේලනයේ විධායක සභාවේ අදහසවන බවත් ඔහු එමගින් වැඩිදුරටත් දන්වා තිබේ.


ගාල්ල පළාත් ක්‍රීඩා සංකීර්ණය මේ වනවිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ භාරයට පත් කිරීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා කටයුතු කර තිබේ.


ජාතික ක්‍රීඩා සංගම් වෙත ස්ථිර ක්‍රීඩා සංකීර්ණයක හිමිකම ලබාදීමේ ක්‍රීඩා ඇමතිවරයාගේ සංකල්පය යටතේ ඉදිරියේදී මෙරට ප්‍රධානම ජාතික ක්‍රීඩා සංගම් ගණනාවකට ක්‍රීඩා සංකීර්ණයක් බැගින් ලබාදීමට ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කරයි.

 

 


අදහස් (0)

වතුපිටිවල ක්‍රීඩාංගණය කබඩි සම්මේලනයෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.