Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික කායවර්ධන තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන නාවික හමුදාවේ වත්මන් කායවර්ධන පුහුණුකරු සුහාෂ් සිරිවර්ධන මහතාට විෂමාචාර චෝදනා හයකට වැරදිකරු කරමින් වසර පහක අත්හිටුවූ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ විනය කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අතර මෙරට කායවර්ධන සම්මේලනයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගිවීමේ චෝදනාවට වැරදිකරු කරමින් ක්‍රීඩක නිමල් වන්නිආරච්චි මහතාට වසර හයක තහනමක් පැනවීමටද විනය කමිටුව ක්‍රියා කර තිබේ.ඔහුට පැනවූ මෙම තහනම අවසන්වීමට නියමිතව ඇත්තේ වසර 2031 ජනවාරි 16 වැනිදාය.
ජාතික කායවර්ධන තේරීම් කමිටුවේ සභාපති ධූරය දරමින් සිටියදී 2022 දී පානදුරේදී පැවැති කළුතර දිස්ත්‍රික් කායවර්ධන තරගාවලියේදී විනිසුරුවන් ලබා දුන් තීරණ වලට එරෙහිවීම, තේරීම් කමිටුවේ සේවය කරමින් සිටියදී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම, කොළඹදී පැවැති 2022 ජාතික තරගාවලියේදී එය පැවැති ශාලාවට අනවසරයෙන් නරඹන්නන් පිරිසක් ඇතුල් කරමින් කායවර්ධන සම්මේලනයට ලැබිය යුතු රුපියල් 33000 ක මුදලක් අහිමි කිරීම, තේරීම් කමිටුවේ පත්වීම් සදහා අයැදුම් කිරීමේදී පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටීම වසන් කිරීම යන චෝදනා ගණනාවකට වැරදිකරුවීමෙන් සම්මේලනයේ ව්‍යවස්ථාව ඔහු විසින් උල්ලංඝනය කර ඇතැයි එහිදී විනය කමිටුව නිගමනය කර තිබේ.
කෙසේවූවත් චෝදනාලාභී සුභාෂ් සිරිවර්ධන මහතාගේ මෙතෙක් වසර 36 ක් වන මෙරට කායවර්ධන
ක්‍රීඩා ක්ෙෂ්ත්‍රයේ සේවය හා ඔහු ක්‍රීඩකයකු ලෙස කල් ගෙවන අවධියේ දිනාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳව අවධානය යොමු කරමින් ඔහුට පැනවූ වසර පහක තරග තහනම වසර 2030 ජනවාරි 16 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අත්හිටුවූ බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මාලදිවයිනේදී 2024 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළි නොගත් ජාත්‍යන්තර සම්මේලනයක් විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියකට මෙරට ජාතික සම්මේලනයේ අනුමැතියකින් තොරව සහභාගිවීම වසර හයක තහනමකට ලක්වූ වන්නිආරච්චි මහතාට එල්ල වූ චෝදනාවයි.
ඒ සම්බන්ධයෙන් රන්දීර් රුදිගු මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ
ක්‍රීඩකයකු ලෙස ඔබ 2002 දී හෝ ඊට ආසන්න වර්ෂයකදී සම්මේලනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් චෝදනා රාශියකට මීට පෙර වැරදිකරුවී තහනමට ලක්වූවෙකි.එහිදී වන්නිආරච්චි ඉදිරිපත් කළ අභියාචනය කොන්දේසි සහිතව 2022 වසරේදී ජාතික සම්මේලනය විසින් ඉවත් කළත් එකී කොන්දේසි උල්ලංඝනය කරමින් ජාතික සම්මේලනය ඔබ අපහසුතාවට පත් කර ඇත.
Hasitha Monday, 03 March 2025 09:40 PM
හොඳ වැඩේ
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.