Last Update  :  2025-03-31 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වසරේ ක්‍රීඩකයා - එම්.තුෂ්යන්තන වසරේ ක්‍රීඩිකාව - තරුෂි හිමංසිකා
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය

වසරේ ක්‍රීඩකයා - එම්.තුෂ්යන්තන වසරේ ක්‍රීඩිකාව - තරුෂි හිමංසිකා

editorial - 2025 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වර්ණ  ප්‍රදානෝත්සවයේ වසරේ ක්‍රීඩකයා ලෙස කරාතේ ක්‍රීඩක එම්.තුෂ්යන්තන සහ  වසරේ ක්‍රීඩිකාව ලෙස කැරම් ක්‍රීඩිකා තරුෂි හිමංසිකා සම්මාන දිනා ගත්හ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වර්ණ පදානෝත්සවය 48 වැනි වරටත් උත්කර්ෂවත් අයුරින් ජයවර්ධනපුර විශ්වවිදයාලයීය ශාරීරික අධයාපන අංශයේ සංවිධායකත්වයෙන් මහජන බැංකුවේ පූර්ණ අනුග්‍රාහයෙන්  එම විශ්ව්විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවෙහි පැවැත්වීණි. 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා  මෙම වර්ණ රාතියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එම වර්ණ රාත්‍රිය වර්ණ ගැන්වීමට එම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ සභාපතිවරු මෙන්ම විශ්වවිද්‍යාලයීය පීඨාධිපතිවරුන් සහ ගෞරවනීය ජපුර විද්‍යාර්ථීහු රැසක් ද සහභාගීවූහ.
          
පසුගිය වසරේ ( 2024 )අන්තර් විශ්ව විදයාලීය කාන්තා හා පිරිමි ශූරතාවය සමඟින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩා තරු  ඇගයීම සඳහා මේ වර්ණ ප්‍රදානෝත්සවය සංවිධානය කොට තිබිණ. 

ක්‍රීඩා 23ක් සමඟින් ක්‍රීඩා කණ්ඩායම් 36 යටතේ සමස්ත ජපුර ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 589 දෙනෙක් වර්ණ ලබා ගැනීම සදහා ඉල්ලුම් කළ අතර වර්ණලාභීන් ලෙස තේරීපත්වූවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  359 ක් පමණි.

සෑම ක්‍රීඩා අංශයක් නියෝජනය කරමින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරාගත් අතර එහිදී ඒ ඒ ක්‍රීඩා අංශවල  දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු ජ‘පුර වර්ණයෙන් පිදුම් ලැබූහ. තවද දෙස් විදෙස් හි විශේෂ ක්‍රීඩා කුසලතා දැක්වූ ජපුර ක්‍රීඩා විරුවන් 28ක් ද මෙම වර්ණ රාතියේදී වර්ණ ලබා ගැනීම විශේෂයෙන්ම කැපී පෙණුනි.

එමෙන්ම වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස  කරාතේ ක්‍රීඩක එම්. තුෂ්යන්තන ද වසරේ කීඩකයා ලෙස හා කැරම් කීඩිකා තරුෂි හිමංසිකා ද උප කුලපති සම්මානය දිනා ගත්හ.

 

ජපුර උප කුලපති ජෙයෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්.මානගේ මහතාගේ අතින් වසරේ කීඩකයා ලෙසෙ එම්.  තුෂ්යන්තන සම්මාන ලබාගත් අයුරු.

 


ජෙයෙෂ්ට මහාචාර්ය පද්මලාල් එම්.මාන්නගේ මහතාගේ සුරතින් වසරේ කීඩිකාව ලෙස තරුෂි හිමංසිකා සම්මාන ලබාගත් අයුරු


අදහස් (0)

වසරේ ක්‍රීඩකයා - එම්.තුෂ්යන්තන වසරේ ක්‍රීඩිකාව - තරුෂි හිමංසිකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.