Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වාර්තා 14 ක් අලුත් වෙයි

වාර්තා 14 ක් අලුත් වෙයි

editorial - 2024 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ  සුගතදාස  පිටියේදී  දැන් පැවැත්වෙන 92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබර්ට් මලල  ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ) ශූරතා තරගාවලියේ ඊයේ (2) තෙවැනි දිනය නිමාවේදී නව වාර්තා 14 ක් බිහිවී තිබුණි.

ඒ වන විට  තරගාවලියේ සමස්ත බාලිකා කාණ්ඩයෙන් වත්තල ලයිසියම්  ජාත්‍යන්තර පාසල ලකුණු 145.5 ක් ලබා එහි පෙරමුණේ පසු විය. ලකුණු 86 ක් ලබා වෙන්නප්පුව   ජෝශප්  වාස් විදුහල සමස්ත බාලක ශූරතාව දිනා ගැනීමේ වැඩි ඉඩක් ඊයේ දිනය නිමාවේදී පළ කිරීමට සමත්ව තිබුණි.

මීගමුව මාරිස්ටෙලා විදුහල සමස්ත බාලක ශූරතාවලියේදී  ඒ වන විට දෙවැනි තැනේ පසුවූයේ ලකුණු 55 ක් රැස් කරමිනි. වලල ඒ රත්නායක විදුහල එවිට සමස්ත බාලිකා කාණ්ඩයේ පසු වූයේ  ලකුණු 104 කට දෙවැනි ස්ථානයේය.ඔවුන් මෙම තරගාවලියේ ගියවරද ඇතුළුව සමස්ත බාලිකා කාණ්ඩයේ  ශූරතා කුසලාන වැඩිම වාර ගණනක් දිනා ගනු ලැබූ පාසලවීම එහිදී කැපී පෙනේ.

ඊයේ දිනයේදී නව වාර්තා හයක් බිහිවී තිබුණි. පැරණි වාර්තාව අභිබවා ගිය එක් අවස්ථාවක්ද වාර්තා විය. මීටර්  400  - බාලක වයස 18 න් පහළ ඉසව්වෙන් කදාන ශාන්ත සෙබස්තියන් විදුහලේ ජේ. ඕ. එස්.සිල්වා තත්පර 47.10 කට එහිදී  නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

එහි දෙවැනි ස්ථානයට පත් වෙන්නප්පුව  ශාන්ත ජෝශප් විදුහලේ එස්.එම්.එස්.වී. රාජකරුණා තත්පර 47.41 කට පැරණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීය.මිටර් 400 (වයස 16 න් පහළ - බාලක ඉසව්වෙන් ඊයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්වූයේ වෙන්නප්පුව  ශාන්ත  ජෝශප්  වාස් විදුහලේ ඩබ්.එන්. විශාල් විසිනි. කාලය තත්පර 49.76 කි.


අදහස් (0)

වාර්තා 14 ක් අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.