Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වාර්ෂික මහ සභා රැස්වීමට පෙර ව්‍යවස්ථා සංශෝධනය කරන්න එපා

වාර්ෂික මහ සභා රැස්වීමට පෙර ව්‍යවස්ථා සංශෝධනය කරන්න එපා

යොහාන් භාසුර - 2020 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2020 සඳහා ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික මහ සභා පවත්වන තෙක් එම සංගම්වල ව්‍යවස්ථා සංශෝධනයන් නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය සියලුම ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමය සහ ශ්‍රී ලංකා දැල්පන්දු යන සංගමය විශේෂ මහ සභා පවත්වමින් එම සංගම්වල ව්‍යවස්ථා වෙනස් කිරීමට සූදානම් වීම පිළිබඳව යොමුවූ විරෝධයන් සැළකිල්ලට ගෙන ක්‍රීඩා අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ වාර්ෂික මහ සභාවේදී නව නිලධාරී මණ්ඩලයක් පත්වන තෙක් ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාව වෙනස් නොකරන ලෙස දැනුම් දුන් බවයි.

“ක්‍රීඩා සංගම්වලට විශේෂ මහ සභා පැවැත්වීමට කිසිඳු බාධාවක් නෑ. නමුත් ඒවායේදී අදාල ක්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාවේ වෙනස්කම් කරන්න එපා කියලා තමයි අපි දැනුම් දුන්නේ” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික මහ සභා සහ නිලවරණ පැවැත්වීමේ අවසන් දිනය ලෙස පසුගිය මැයි මස 31 වැනිදා නියම කර තිබිණ. එහෙත් කොරෝනා අවදානම හේතුවෙන් රට වසා දැමීම හේතුවෙන් 2020 වසර සඳහා වාර්ෂික මහ සභා සහ නිලවරණ පැවැත්වීමේ අවසන් දිනය මාස දෙකකින් දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගත්තේය.

මේ අනුව සියලුම ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික මහ සභා සහ නිලවරණ ලබන ජූලි මස 31 වැනිදා හෝ ඊට පෙර පැවැත්විය යුතුය.

ක්‍රීඩා අමාත්‍යංශ යටතේ ජාතික ක්‍රීඩා සංගම් 70 ක් ලියාපදිංචිව ඇති අතර ඉන් ශ්‍රී ලංකා ශාරීරික යෝග්‍යතා (කායවර්ධන) සහ ජාතික සවි ජසවීමේ යන සංගම් දෙක අතුරු කමිටු යටතේ පාලනය වේ. ශ්‍රී ලංකා මේසපන්දු සංගමය ඇතු`ඵ සංගම් කීපයක් පමණක් නිලවරණ මේ වන විට පත්වා තිබේ.

 


අදහස් (0)

වාර්ෂික මහ සභා රැස්වීමට පෙර ව්‍යවස්ථා සංශෝධනය කරන්න එපා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.