Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

editorial - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹදී මෙම 20 වැනිදා සිට පැවැත්වෙන වෙරළ වොලිබෝල් විනිසුරු පාඨමාලාවට සහභාගී වන අයැදුම්කරුවන්ගෙන් මෙම 18 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.

අන්තර්ජාතික වෙරළ වොලිබෝල් විශේෂඥ උපදේශක පින්ලන්ත ජාතික ශෛලන් රම්ඩු මහතා මෙම පාඨමාලාව මෙහෙයවයි. අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කොළඹදී එය සංවිධානය කරයි.

පාඨමාලාව හැදෑරීම සඳහා අයැදුම්කරුවන් නිර්දේශ කිරීමට මෙම 18 වැනිදා පෙරවරු 10.00ට ටොරින්ටන් පෙදෙසේ වොලිබෝල් සම්මේලන මූලස්ථානයේදී විශේෂ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

අයැදුම්පත්, ප්‍රධාන ලේකම් වෙරළ වොලිබෝල් විනිසුරු පාඨමාලාව, වොලිබෝල් සම්මේලනය, නො. 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය.

පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබාගැනීම ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් විනිසුරුවන් වන මධුර පෙරේරා (දුරකතන අංක 0718840779) හෝ ජනක බටුගහගේ (0755851055) යන මහත්වරුන් ඇමතීමෙන් සිදුකළ හැකිය.

 


අදහස් (0)

විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.