Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරෝධතා ගොනුකිරීම 20 වැනිදාට

විරෝධතා ගොනුකිරීම 20 වැනිදාට

editorial - 2022 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාව අත්හිටුවීමට ක්‍රීඩා ඇමැතිවරයා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා එහි හිටපු සභාපති ජස්වර් උමාර් මහතා අභියාචනාධිකරණයේ පවරා තිබෙන නඩුව ඊයේ (11) යළි කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ විරෝධතා සම්බන්ධයෙන් මෙම 20 වැනිදා කරුණු දක්වන ලෙස පැමිණිලිකාර පාර්ශ්වයට අධිකරණය නියෝග කළේය.

මෙම නඩුවට මැදිහත් පාර්ශ්වකරුවන් වීමට අවසර ඉල්ලා තිබෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරුන් වන අනුර ද සිල්වා, රංජිත් රුද්‍රිගු, එහි හිටපු ලේකම්වරයකු වන සුනිල් සෙනවීර හා රාජ්‍ය සේවා පාපන්දු සංගමයේ සභාපති එම්. අෆ්ලාර් යන මහත්වරුන්ගේ අභියාචනයක් සලකා බලමින් අධිකරණය ඉහත නියෝගය ලබාදුන්නේය.

එහිදී ඊට පැමිණිලිකාර පාර්ශ්වයෙන් විරෝධය පළවීමෙන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට මෙම 20 වැනිදා නැවත නඩුව කැඳවන අවස්ථාවේදී කරුණු දක්වන ලෙසත් නියම කළේය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ කටයුතු අත්හිටුවීමෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, එහි නිලවරණය කැඳවීම හා පාපන්දු පරිපාලනය පවත්වාගෙන යාම සඳහා එතෙක් කළමනාකරණ කමිටුවක් පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දැක්වීම සඳහා එදිනම අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ජස්වර් උමාර් මහතාගේ සභාපතීත්වයෙන් පැවැති විධායක සභාව පසුගිය සැප්තැම්බර් 15 වැනිදා සිට අත්හිටුවීමට ගත් තීරණයෙන් තමන්ට අගතියක් සිදු වූ බව පවසමින් ක්‍රීඩා ඇමැති, අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ කලාප නිලධාරීන් තිදෙනකු ද ඇතුළුව හත්දෙනකු වගඋත්තරකරුවන් කරමින් ජස්වර් උමාර් මහතා මෙම නඩුව පවරා තිබේ.

මෙම ගැටලුව හමුවේ ටොරින්ටන් පෙදෙසේ ස්ථාපිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේ කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වී තිබෙන අතර එය පසුගිය සැප්තැම්බර් 23 වැනිදා සිට දින කීපයක්ම එය වසා දැමීමටද සිදුවිය.

කෙසේ වුවත් එහි නිලධාරීන් හා සේවක සේවිකාවන් සඳහා සැප්තැම්බර් මාසයට හිමි වැටුප් අද (12) සිට ගෙවීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.


අදහස් (0)

විරෝධතා ගොනුකිරීම 20 වැනිදාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.