Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාපැදි ක්‍රීඩා ප්‍රවීණයකු වන මීගමුව, කට්ටුව පැරගන් ෆෙඩ්ලස් පාපැදි ක්‍රීඩා සමාජයේ වත්මන් ලේකම් එල්.ජී. විල්මන් පෙරේරා මහතා විසින් සම්පාදනය කළ පිටු 1200කින් සමන්විත පාපැදි ක්‍රීඩා ග්‍රන්ථය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ.
පාපැදි ක්‍රීඩාවේ ජාත්‍යන්තර නීති රීති, රෙගුලාසි, පාපැදි පරිපාලනය, තරග තොරතුරු, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පැනනැගුණු සිදුවීම් එහි පැනනැගුණු බල අරගලයන්, පරිපාලනයේ කඩා වැටීම් හා මෙරට පාපැදි ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන තොරතුරු ගණනාවක් සැකවින් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීමට ග්‍රන්ථයේ සම්පාදක විල්මන් පෙරේරා මහතා උත්සාහ දරා ඇත.
![]() |
එල්.ජී. විල්මන් පෙරේරා මහතා |
ඔහු පැවසුවේ පාපැදි ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන්නන් හා එහි තොරතුරු එක්රැස් කරන්නට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කර තිබෙන මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමේ අවස්ථාවට හිමිව තිබෙන බවයි.
ග්‍රන්ථයේ සම්පාදක මිල්ටන් පෙරේරා මහතා 1970 දශකයේ ජාතික හා ජාත්‍යන්තර පාපැදි තරග කීපයකම ජයග්‍රාහකයෙකි. 1973 සමස්ත ඉන්දීය පාපැදි තරගාවලියේදී ඔහු ලෝකඩ පදක්කම දිනා ඇත. වසර ගණනාවක්ම ඔහු ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකා පොලිස් සේවයේ විශ්‍රාමිකයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.