Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සදහා අයදුම්පත් පෙබරවාරි 7 දක්වා භාර ගැනේ. අයදුම්පත් ක්‍රීඩා ලේකම් ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ යන ලිපිනයට එවිය යුතුය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලය හා ආදි පිහිනුම් ක්‍රීඩක සංගමය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මේ මුහුදු පිහිනුම් තරගය පෙබරවාරි මස 18 වැනිදා පෙරවරුවේදී අම්බලන්ගොඩ ධීවර වරාය අසල වෙරළ තීරයේදී පැවැත්වේ.
ලංකාවේ පාසලක් විසින් සංවිධානය කරනු ලබන පැරණිතම සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගය මෙයයි. මෙවර එය පැවැත්වෙනුයේ 49 වැනි වරටය.
මේ මුහුදු පිහිනුම් තරගය කාන්තා,පිරිමි වශයෙන් පැවැත්වෙන අතර පාසල්,පිහිනුම් පාසල්, ක්‍රීඩා සමාජ සහ රාජ්‍ය,පෞද්ගලික ආයතන නියෝජනය කරමින් තරග වදින ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පදනම් කරගනිමින් තරගයේ විවෘත පිරිමි, විවෘත කාන්තා ශූරතා මෙන්ම ලාබාලම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව, වයස්ගතම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව සමස්ත කාන්තා, පිරිමි කණ්ඩායම් ශූරතාව සහ විවෘත සමස්ත ශූරතාවයන් තෝරා ඒ සදහා සම්මාන හා පදක්කම් පිරිනමනු ලබන බව තරග සංවිධායකයෝ කියති.
තරගය සදහා වැඩි විස්තර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා ලේකම් තරිඳු ද සිල්වා (0716818558) අමතා වැඩි විස්තර ලබා ගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.