Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශ්වවිද්‍යාල චෙස් කණ්ඩායමට 8 ක්

විශ්වවිද්‍යාල චෙස් කණ්ඩායමට 8 ක්

editorial - 2021 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

 ආසියානු විශ්වවිද්‍යාල චෙස් තරගාවලිය සඳහා 8 දෙනකුගේ කණ්ඩායමක් තෝරා ගන්නා ලදි. ඒ සඳහා තේරීම් තරග පසුගිය 13 සහ 14 යන දෙදින අන්තර්ජාලය ඔස්සේ පැවති අතර ක්‍රීඩිකාවන් 4 දෙනෙක් සහ ක්‍රීඩකයන් 4 දෙනෙක් ජාතික විශ්වවිද්‍යාල කණ්ඩායම සඳහා තෝරාගන්නා ලදහ.

මෙම තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ අංක 2 හිමි චෙස් ක්‍රීඩකයා වන කොළඹ විශ්ව විද්‍යාලයේ මිනුල් සංජුල දොළුවීර ලකුණු 6.5 ක් ලබාගත් අතර මොරටුව විශ්ව විද්‍යාලයේ සකුනි බණ්ඩාර  ලකුණු  6 ක් ලබාගෙන දක්ෂතා දැක්වූහ.

 මොරටුව විශ්ව විද්‍යාලයේ චතුලංකා ගමගේ ද ලකුණු 5 ක් ලබා දෙවන ස්ථානයට පත්විය.  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේචතුර ජයවීර, පී.කේ රණසිංහ සහ එම්සීඑල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් තිදෙනා ලකුණු 5 බැගින් ලබා ගත්හ.

 කොළඹ විශ්ව විද්‍යාලයේ යසස්මි උමරුසිරු ගමගේ වට  7 න් ලකුණු 5 ලබාගත්තාය. ආර්.ඉෂාරා ගයනි, දුලාරා කුමාරසිංහ, අනුකි පැස්කුවෙල්, නෙලුනිකා මෙත්මනී සහ ඉනෝලි ටෂිනි, ආර්අයි ගයේනි (සබරගමුව විශ්ව විද්‍යාලය) සහ දුලාර කුමාරසිංහ (රුහුණු විශ්වවිද්‍යාලය) ලකුණු 5 ක් බැගින් ලබගත්හ.

 ආසියානු විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් ආසියානු චෙස් සම්මේලනයේ සහය ඇතිව පවත්වනු ලබන ආසියානු විශ්ව විද්‍යාල චෙස් ශූරතාවලිය මෙවර සංවිධානය කරන්නේ ඉන්දුනීසියානු විශ්ව විද්‍යාල ක්‍රීඩා සම්මේලනය විසිනි.  මෙම තරගාවලිය සැප්තැම්බර් 2 සිට 13 දක්වා ‘ටොර්නෙලෝ‘ නම්වූ මෘදුකාංගයක් ඔස්සේ පැවැත්වේ.

 ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල චෙස් කණ්ඩායම තෝරා ගැනීම සඳහා  පැවති ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 8 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 63 ක් සහභාගී වූහ.

 ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල චෙස් කණ්ඩායම

 1. මිනුල් සංජුල දොළුවීර (කොළඹ විශ්ව විද්‍යාලය)

 2. චතුලංක ගමගේ (මොරටුව විශ්ව විද්‍යාලය)

 3. චතුර ජයවීර (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)

 4. පී.කේ රණසිංහ (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)

 5. සකුනි බණ්ඩාර (මොරටුව විශ්ව විද්‍යාලය)

 6. යසස්මි උමරුසිරු ගමගේ (කොළඹ විශ්ව විද්‍යාලය)

 7. ආර්.ඉෂාරා ගයනි (සබරගමුව විශ්ව විද්‍යාලය)

8. දුලාර කුමාරසිංහ (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)


අදහස් (0)

විශ්වවිද්‍යාල චෙස් කණ්ඩායමට 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.