Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 22 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. කණ්ඩායම් 26 ක සහභාගිත්වයෙන්, කාණ්ඩ 4 ක් යටතේ ක්‍රීඩාංගණ 9 කදී මූලික වටයේ තරග පැවැත්වේ.
‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ දෙක සඳහා කණ්ඩායම් 7 බැගින් ඇතුළත් වන අතර එක් කණ්ඩායමකට තරග 6 ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ. ‘බී’ සහ ‘සී’ කාණ්ඩ දෙක සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වන අතර එක් කණ්ඩායමකට තරග 5 ක් ක්‍රීඩා කිරීමට සිදුවේ.
උදෑසන තරගයක් සහ සවස් කාලයේ තරගයක් බැගින් ක්‍රීඩාංගණ 3 කදී තරග 6 ක් එක් දිනකදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ වලින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර ‘බී’ සහ ‘සී’ කාණ්ඩ වලින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.
අවසන් පූර්ව තරග ජුනී 4 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය ජුනී 6 වැනිදා පැවැත්වේ. අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
පසුගිය වසරේ පැවැති අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එස්.එස්.සී පිල සමත්වූ අතර යුදහමුදා පිලට අනුශූරතාව හිමිවිය.
කාණ්ඩ 4 සඳහා ක්‍රීඩා සමාජ බෙදී ඇති ආකාරය
‘ඒ’ කාණ්ඩය
සී.සී.සී, එස්.එස්.සී, සැරසන්ස්, ගුවන් හමුදාව, බදුරලිය, ලන්කන් සහ ඒස් කැපිටල්
‘බී’ කාණ්ඩය
එන්.සී.සී, රාගම, බී.ආර්.සී, පානදුර, හලාවත මේරියන්ස් සහ නුගේගොඩ
‘සී’ කාණ්ඩය
ද්‍රවිඩ සංගමය, මීගමුව, කෝල්ට්ස්, පොලිසීය, මහනුවර කස්ටම්ස් සහ සෙබස්තියනයිට්ස්
‘ඩී’ කාණ්ඩය
යුදහමුදාව, කුරුණෑගල යොවුන්, මූවර්ස්, ගාල්ල, බ්ලූම්ෆීල්ඞ්, නාවික හමුදාව සහ කළුතර නාගරික
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.