Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි20 ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකතන සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම ඉදිරිපත්ව ඇත. තරගාවලිය මේ මස 12 වැනිදා සිට 24 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඩයලොග් ටීවී චැනල් වන්, ඩයලොග් වියූ මෘදුකාංග මගින් ජංගම දුරකථනයෙන් මෙන්ම මුහුණුපොත ඔස්සේද ආරාධිත විස්සයි20 ලීග් තරගාවලිය සජීවීව විකාශය කෙරෙනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යූ ටියුබ් චැනලය ඔස්සේද තරගාවලිය නැරඹීමේ අවස්ථාව ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් හට හිමිවනු ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම් නිල අනුග්‍රහකයා වශයෙන් කටයුතු කරන ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම දීර්ඝ කාලීන හවුල්කාරිත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වඩාත් පුළුල් ලෙස සම්බන්ධ වීම මත නවතම තරගාවලියත් සමගින්ද එක්ව සිටිති.
“දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ එළඹෙන අයි.සී.සී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන අපේ සූදානමේ කොටසක් ලෙස අපි මෙම තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රවේශය ඉතා සාදරයෙන් පිළිගත්තා. ඒ සඳහා ඩයලොග් ආයතනයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.