Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විස්සයි20 අවසන් පූර්ව තරග හෙට

විස්සයි20 අවසන් පූර්ව තරග හෙට

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සැරසන්ස් (ඒ කාණ්ඩය), බී.ආර්.සී (බී කාණ්ඩය), කෝල්ටස් (සී කාණ්ඩයම) සහ යුදහමුදාව (ඩී කාණ්ඩය) යන කණ්ඩායම් සමත්විය. අවසන් පූර්ව තරගය පී.සරා ඕවල්හිදී හෙට (15 වැනිදා) පැවැත්වේ.

හෙට උදෑසන පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී බී.ආර්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් හමුවන අතර හවස පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී සැරසන්ස් සහ යුදහමුදා කණ්ඩායම් හමුවනු ඇත.

සැරසන්ස් පිල ප්‍රසාද ලකුණු 10 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයෙන්ද, බී.ආර්.සී පිල ප්‍රසාද ලකුණු 8 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ‘බී‘ කාණ්ඩයෙන් බී.ආර්.සී, රාගම සහ පානදුර කණ්ඩායම් සම ප්‍රසාද ලකුණු ගබාගත්තද ශුද්ද ලකුණු වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ බී.ආර්.සී පිලට හිමිවිය.

කෝල්ට්ස් පිල ප්‍රසාද ලකුණු 10 ක් ලබාගනිමින් ‘සී’ කාණ්ඩයෙන්ද, යුදහමුදා පිල ප්‍රසාද ලකුණු 12 ක් ලබාගනිමින් ‘ඩී’ කාණ්ඩයෙන්ද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

පළමු සහ දෙවැනි අවසන් පූර්ව තරග වලින් ජය ගන්නා කණ්ඩායම් අතර අවසන් මහ තරගය පී.සරා ඕවල්හිදී 17 වැනිදා උදෑසන පැවැත්වේ.


අදහස් (0)

විස්සයි20 අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.