Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්පාඤ්ඤයේදී බිල්බාඕ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායමේ තිදෙනකුට වීසා ලැබීම ප්රමාද වීම නිසා ගුවන් ගමන පමා කිරීමට ඔවුන්ට සිදුවිය. ශ්රී ලංකා කණ්ඩායම සඳුදා (31 වැනිදා) පෙරවරු 10.30 ට පමණ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණද ඔවුන් ස්පාඤ්ඤය බලා පිටත් ගොස් ඇත්තේ ඊයේ (1 වැනිදා) පෙරවරු 11.00 ට පමණය.
පසිඳු පල්ලියගුරු, එම්. ආර්. එම්. ශාදීර් සහ කවිෂ්කා ගුණරත්න යන ක්රීඩිකාවන්ට විසා ලැබෙන විට සඳුදා පස්වරු 6.00 පමණ වී තිබේ.
ගමන ප්රමාද වීම හේතුවෙන් ක්රීඩක ක්රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සහ නිලධාරීන් සිව්දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම ස්පාඤ්ඤයට ලඟා වන විට අද අළුයම 4.00 පමණ වී ඇති අතර තරගාවලියේ කණ්ඩායම් තරග අද පෙරවරු 12.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ.
ශ්රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස තරගාවලියට සහභාගි වන අතර බාලිකාවන් භාර නිලධාරිනිය ලෙස රේණුකා විමලසූරිය මහත්මිය කටයුතු කරන්නීය. චමීර කුමාරප්පෙරුම මහතා බාලක කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, සුභාෂ් ජානක මහතා බාලිකා කණ්ඩායමේ පුහුණකරු ලෙසත් තරගාවලියට සහභාගි වෙති.
බාලක කණ්ඩායම -
ශාමික හසරංග, කසුන් අමරසේන, පසිඳු පල්ලියගුරුගේ, තෙවින් රාහුබද්ද, තිළිණ ගෝනපීනුවල, මදුක දුලාංජන, රන්තුෂ්ක සසිඳු, උමිඳු ලියනගේ, සෙව්මින ගුණතිලක සහ එම්. ආර්. එම්. ශාදීර්
බාලිකා කණ්ඩායම -
කවිෂ්කා ගුණරත්න, ඉනුරි කුරුප්පු, ලසංගනා හෙට්ටිආරච්චි, නයනතාරා ටෙෂානි, බුත්මි ගලගමගේ සහ හසාරා විජේරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.