Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ඉහළම නිලධාරියකුට ජාතික වූෂු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් එල්ල කර තිබෙන චෝදනා මාලාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමේ හැකියාවන් තිබේදැයි සොයා බැලීම සඳහා එම විරෝධතාවය මේ වනවිට ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට යොමු කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ දිගින් දිගටම සිදු වන දූෂිත ක්‍රියාවන් මැයෙන් එම විරෝධතාවය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට යොමු කිරීමට එහිදී ජාතික වූෂු පුහුණු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් කටයුතු කර තිබේ.
ජාතික පුහුණු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාශය ලබාදුන් බව කියන ආහාරපාන හා නවාතැන් පහසුකම් දීමනා ඔවුන්ට නොගෙවීම, ජාතික පුහුණුකරුවන් පත් කිරීමේදී නුසුදුස්සන්ට පත්වීම් ලබාදීම, ලෝකයේම පිළිගත් ජාත්‍යන්තර වුෂූ පුහුණුකරුවකුගේ සේවය චීනයෙන් මෙරටට ලබා ගැනීමේ හැකියාව තිබියදී ඒ සඳහා ඉරානයෙන් පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට උනන්දුවී සිටින බවට කෙරෙන චෝදනාව, වුෂූ සම්මේලනය අයදුම්කරුවන්ගෙන් මුදල් අයකර පවත්වන වුෂූ පුහුණුකරු පාඨමාලාවන් සඳහා සහභාගිවීම වුෂූ පුහුණුකරුවන්ට අනිවාර්ය කිරීම, වුෂූ සම්මේලනයේ වරප්‍රසාද අවභාවිතා කිරීම ආදී චෝදනා කීපයක්ම මෙම වුෂූ නිලධාරියාට එරෙහිව ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමක දී ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් පොන්සේකා මහතා මෙසේ පැවසීය.
‘ඒ ගැන විමර්ශනයක් කිරීමේ හැකියාවක් තිබේ දැයි අපි සොයා බලනවා. පළමුව මේ චෝදනාවල සත්‍යතාවයක් තිබේදැයි සොයා බැලිය යුතුයි.“
“පෙත්සම් හා චෝදනා ඉදිරිපත් කරන පලියට ඒවා විභාග කරන්න අපි උනන්දු වෙන්නෑ. දැනට අපි මේ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කළ එම ක්‍රීඩකයන් ගෙන්වා ඒ පිළිබඳව විමසීම් කිරීමක් කළා. එතනදී ඒ චෝදනා පත්‍රයට නම් ඇතුළත්ව සිටි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් ඒ පිළිබඳව කිසිවක් දැන නොසිටි බව ප්‍රකාශ කළා.“
“එය බරපතළ කාරණයක්. එහෙම වුණොත් අපට සිද්ධ වෙනවා මෙවැනි බොරු චෝදනා ඉදිරිපත් කරන්නන්ට එරෙහිව පියවර ගන්න. ඒ සඳහාත් පොලිස් ඒකකයට බලතල පැවරී තිබෙනවා“ යයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් පොන්සේකා මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.