Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වූෂූ විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

වූෂූ විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වූෂු විනිසුරුවරුන් සහ තීරකවරුන් සඳහා 10 වැනි වරටත් සංවිධානය කෙරෙන විශේෂ පාඨමාලාව ජුනි 01 දා සිට 05 වැනිදා දක්වා පැවැත්වේ. මෙම පාඨමාලාව මහනුවර තෙල්ගොල්ලේ සමූපකාර සංවර්ධන අභ්‍යාස ආයතනයේදී පැවැත්වේ.

පාඨමාලාව සඳහා සහභාගි වීමට කැමති අයගෙන් අයදුම්පත් කැඳවන අතර ඒ සඳහා වයස අවුරුදු 18-55 අතර සිටින, පාසල් මට්ටමේදී හෝ ජාතික මට්ටමේදී වූෂු තරග සඳහා ඉදිරිපත් වී ඇති ස්ත්‍රී පුරුෂ ඕනෑම අයෙකුට සහභාගි විය හැක. පාඨමාලාව තාඔලු (නර්තන අංශය) හා සන්දා (ද්වන්ධ සටන් අංශය) යන ආකාර දෙකකින්ම පැවැත්වේ. එක් අයදුම්කරුවකු තෝරාගත යුත්තේ එක් අංගයක් පමණි.

පාඨමාලාව සමත්වන සියලුම අයදුම්කරුවන්ට ඉදිරි වර්ෂ දෙකේදී වූෂු තරග විනිශ්චය කිරීම සඳහා වලංගු බලපත්‍රයක් සහ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. එම බලපත්‍රය රහිතව වූෂු තරග විනිශ්චය කිරීම නීතිවිරෝධී වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය විසින් වූෂු ක්‍රීඩාව මේ වර්ෂයේ සිට ජාතික පාසල් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති අතර වසර 12ක් පැවැති පාසල් සන්දා තරග තහනමද ඉවත් කොට තිබේ. මේ නිසා පිරිපුන් දැනුමක් සහිත වූෂු විනිසුරුවන් පාසල් තරග විනිශ්චය සඳහා යෙදවීම පිණිස මෙම පාඨමාලාව පාසල් වූෂු උපදේශකවරුන්ට හැදෑරීමට නිර්දේශ කරන ලෙසද ශ්‍රී ලංකා වූෂු සම්මේලනය පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
එසේම මෙම පාඨමාලාව සමත්වන අයදුම්කරුවන්ගේ දක්‍ෂතා මත ඔවුන් දකුණු ආසියානු, ආසියානු හා ජාත්‍යන්තර වූෂු විනිසුරු පරීක්ෂණයට සහභාගී කරවීමටද ශ්‍රී ලංකා වූෂු සම්මේලනය අදහස් කරයි.

පාඨමාලාව සඳහා අයදුම්කිරීමට අවශ්‍ය විස්තර දුරකථන අංක 0707-500035 අමතා ලබාගත හැකි බව ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය කියයි.   

 


අදහස් (0)

වූෂූ විනිසුරු පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.