Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙඩි තැබීමේ පුහුණු කඳවුර 20 දා සිට

වෙඩි තැබීමේ පුහුණු කඳවුර 20 දා සිට

editorial - 2023 ජුනි මස 17 67 Views 0 Comment
A A A

ආසියානු වෙඩි තැබීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු වැනි වෙඩි තැබීමේ පුහුණු කඳවුර සහ පුහුණුකරුවන්ගේ පාඨමාලාව ලබන 20 වැනිදා (අඟහරුවාදා) ගල්කිස්ස හෝටලයේදී ආරම්භ වේ. මෙම පුහුණු කඳවුරට ආසියානු වෙඩි තැබීමේ සම්මේලනයට අනුබද්ධ රටවල් 11 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සහභාගි වීමට නියමිතය.

වායු රයිෆල ඉසව්ව වෙනුවෙන් පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සංවිධානය කිරීමේ වගකීම ආසියානු වෙඩි තැබීමේ සම්මේලනය විසින්, ශ්‍රී ලංකාවේ වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය වෙත පවරා තිබේ. පුහුණු කඳවුර මේ මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙයි.

ඉන්දීය ජාතික දීපක් කුමාර් ඩුබේ මහතා මෙම පුහුණු කඳවුරේ උපදේශකවරයා වශයෙන් කටයුතු කරයි.

පුහුණු කඳවුරේ අරමුණ වන්නේ ආසියානු කලාපයේ යොවුන් හා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාතික පුහුණුකරුවන්ගේත් වර්තමාන තත්ත්වය දියුණු කිරීමයි. ඒ සඳහා ආසියානු වෙඩි තැබීමේ සම්මේලනය විසින් දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයෙන් පිටත සාමාජික රටවල් 15 ක නියෝජිතයන්ට මෙම පුහුණු කඳවුර සඳහා ආරාධනා කර තිබේ.

එක රටකින් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට නැතිනම් ක්‍රීඩකයන් දෙදෙනකුට සහ පුහුණුකරුවන් දෙදෙනකුට සහභාගි විය හැකිය.

දින 10 ක් පුරා පැවැත්වෙන පුහුණු කඳවුර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් 40 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. ඔවුන් අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10 ක් සහ පුහුණුකරුවෝ 5 ක් සිටිති. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා ප්‍රායෝගික පුහුණුව මෙන්ම න්‍යායාත්මක සහ තාක්ෂණික පාඨමාලාවක් ඇතුළත් වේ. තහනම් උත්තේජක මර්දන වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය.

මෙම පුහුණු කඳවුර විශේෂයෙන් වායු රයිෆල් ඉසව්ව සඳහා වන අතර එය ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය මගින් පාලනය වන තරග ඉසව්වකි. මෙම තරග ඉසව්ව ඔලිම්පික්, ආසියානු ක්‍රීඩා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වලදී පවත්වනු ලැබේ.

මෙම පුහුණු කඳවුරශ්‍රී ලංකාවේ වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සභාපති ශිරන්ත පීරිස් මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දකි.

මෙම කඳවුර ශ්‍රී ලංකාවේ පැවැත්වීම වෙනුවෙන් ආසියානු වෙඩි තැබීමේ සම්මේලනය විසින් විද්‍යුත් ඉලක්ක පද්ධති හතරක් ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයට තිළිණ කරන ලදී. පිරිනැමෙන විද්‍යුත් ඉලක්ක පද්ධති හතර දැනට ශ්‍රී ලංකාවේ පවතින විද්‍යුත් ඉලක්ක පද්ධති හතරට එක්කෙරෙන අතර එමගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර්ජාතික තරග සඳහා සූදානම් කිරීමට මහෝපකාරී වනු ඇත.

- 213

 


අදහස් (0)

වෙඩි තැබීමේ පුහුණු කඳවුර 20 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.