Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ කෝෆ්බෝල් ක්‍රීඩාව හඳුන්වාදෙයි

වෙරළ කෝෆ්බෝල් ක්‍රීඩාව හඳුන්වාදෙයි

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ත්‍රිකුණාමලය වෙරළ උද්‍යානයේ පැවති වෙරළ කෝෆ්බෝල් ක්‍රීඩාව  හඳුන්වාදීමේ වැඩසටහනේ අවස්ථාවක්.

 

වෙරළ කෝෆ්බෝල් (KORFBALL) ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කෙරෙන වැඩමුළුවක් ත්‍රිකුණාමලය වෙරළ උද්‍යානයේදී පසුගියදා පැවැත්වුණි. සෞඛ්‍ය නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව මෙම වැඩමුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනකුට පමණක් සීමා කෙරුණි.

දැල්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩා දෙකේම මිශ්‍රණයක් වන කෝෆ්බෝල් ක්‍රීඩාවේ විශේෂත්වය වන්නේ කාන්තා සහ පිරිමි දෙපක්ෂයටම මිශ්‍රව තරග වැදීමට ලැබෙන අවස්ථාවයි.

ශ්‍රී ලංකාවට කෝෆ්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමේ පුරෝගාමිනිය වන නෙදර්ලන්ත ජාතික ජොසේ වෑන් නිවුන්ස්පීට් මහත්මිය මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වුවාය. ඇය මහනුවර දිගන අපේක්ෂා ළමා නිවාසයේ අධ්‍යක්ෂිකාව ලෙසත් කටයුතු කරන්නීය.

ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමයේ ලේකම් පුෂ්පකුමාර මධුරප්පෙරුම මහතා මෙම වැඩමුළුව මෙහෙයවීය.

නාවික හමුදාවේ නැගෙනහිර පළාත් අණදෙන නිලධාරි රියාර් අද්මිරාල් සංජීව ඩයස්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ ප්‍රධානි මහාචාර්ය පී. කනකසිංහම්, ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ, නෙස්ලේ ලංකා ආයතනයේ ජාතික විකුණුම් කළමනාකාර මංජුල නාරංගොඩ, ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ නියෝජ්‍ය අණදෙණ නිලධාරි එම්.ඒ. කුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්  වෙරළ ‘කෝෆ්බෝල්’ ක්‍රීඩාව හඳුනා ගැනීමේ මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

- 223

 


අදහස් (0)

වෙරළ කෝෆ්බෝල් ක්‍රීඩාව හඳුන්වාදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.