Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු 17 - 18 දෙදිනදී සීදූව දවිසමර විදුහල් පිටියේදී මූලික වටය පැවැත්වීමෙන් ආරම්භ වන වෙළඳ සේවා වොලිබෝල් තරග මාලාව සදහා කණ්ඩායම් වෙතින් ඇයදුම්පත් බාර ගැනීම ජූලි 31 වැනිදා දක්වා සිදු කෙරේ.
මෙරට වෙළෙඳ ප්‍රජාව ඉලක්ක කරමින් වසරේ පැවැත්වෙන ප්‍රධානතම වොලිබෝල් තරගාවලියේ මෙවර විශේෂ වෙනස්කමක් වන්නේ වයස 40 න් ඉහළ (පිරිමි) කාණ්ඩයෙන් ඉසව්වක් හඳුන්වාදීමයි.
වෙළඳ ආයතන කණ්ඩායම් සඳහා විවෘත මෙම තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ ප්‍රධානතම කොන්දේසිය වන්නේ කණ්ඩායම් සඳහා ඇතුළත් කෙරෙන ක්‍රීඩකයන් 2024 මැයි 24 වැනිදාට පෙර එකී ආයතනවලට බඳවා ගත් සේවක සේවිකාවන් වීමයි.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වෙළද සේවා සංගමය එක්ව මෙවරත් තරගාවලිය සංවිධානය කරයි. අවසන් තරග පැවැත්වීමට සූදානම් කර ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේදී මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදීය.
ක්‍රිස්ටල් මාටින් සිලෝන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සමන් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විධායක කමිටුවක් මගින් මෙවර තරගාවලිය සංවිධානය කරයි.
මෙවර 11 වැනි වතාවටත් තරගාවලිය සංවිධානය කිරීමේදී කණ්ඩායම් 100 ක් පමණ අපේක්ෂා කරන බව තරග සංවිධායකයෝ පවසති.
තරගාවලිය පිළිබඳව විමසීම් දුරකථන අංක 0710682682 හෝ 0775320050 ඔස්සේ සිදු කළ හැකිය. mvasrilanka@gmail.com ඔස්සේද ඒ සම්බන්ධයෙන් විමසීම් කළ හැකිය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.