Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේදනා නාශක ගනිමින් ලබාගත් ශතකයක් - මහේල

වේදනා නාශක ගනිමින් ලබාගත් ශතකයක් - මහේල

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දු පහරදීම සදහා පැය හතරකට පහකට වරක් වේදනාවට බෙහෙත් ලබාගත් බවත් පෙර දිනයේ එන්නත් ලබාදුන් බවත් මහේල ජයවර්ධන පැවසීය.

තරගයේ පළමු දිනයේ පන්දු රකිමින් සිටියදී තුවාල ලැබීම නිසා වම් අතේ මැහුම් තුනක් දමා තිබියදීත් මහේල ජයවර්ධන මෙම තරගයේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් නොදැවී ලකුණු 106 ක් රැස්කිරීමට සමත් විය.

තරගයේ දෙවැනි දිනය වූ අද (09) පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මහේල වැඩි දුරටත් මෙසේ පැවසීය.

”පෙර දිනයේ වේදනාවට එන්නත් ලබා දුන්නා, ඒ වගේම පැය හතරකට පහකට වරක් වේදනාවට පැනඩෝල් වගේ බෙහෙත් ගත්තා. මම දැනගෙන හිටියා වේදනාව නිසා මට සුපුරුදු ක‍්‍රීඩා විලාශයට යන්න බැරි බව. ඒ නිසා මා අවස්ථාවන් ලැබෙන තෙක් ලබා සිටියා”

”සෑම ශතකයක්ම මට වැදගත්, තුවාලයක් තිබියදී රැුස් කළ මේ ශතකය පිළිබ`දව ගොඩක් සතුටු වෙනවා”

”මා පෙර දිනයේ රාත‍්‍රියේ තීරණය කළා අංක 5 ස්ථානයේ පන්දුවට පහර දෙන්න, මොකද මගේ තුවාලය නිසා පසු පෙළ පිතිකරුවන් සමග මට ක‍්‍රීඩා කිරීම අපහසු බව තේරුණා, ඒ නිසා චන්දිමාල්ව අංක හතරට සූදානම් කළා”

මහේල ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව දරුවකු නළවන ආකාරය නිරුපණය කළ අතර ඒ පිළිබදව කළ විමසුමකදී මහේල මෙසේ පැවසීය.

”මගේ බිරිද හැම අවස්ථාවේදී මාව දිරිගන්වනවා. නමුත් මා මෙවැනි ඉනිමක් ක‍්‍රීඩා කළ අවස්ථාව ඇයට බලන්න ලැබුණේ නෑ, ඇයයි දරුවයි නොමැති වීමේ අඩුව මට දැනුනා”

මහේලගේ බිරිද ක‍්‍රිස්ටිනා සිරිසේන මහත්මිය පසුගිය දෙසැම්බර් මාසයේදී මවක වූවාය. ඒ හේතුවෙන් මගේල මෙම සංචාරයේ විස්සයි20 සහ එක්දින තරගාවලියට සහභාගි වූයේ නැත.

 


අදහස් (7)

වේදනා නාශක ගනිමින් ලබාගත් ශතකයක් - මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.