Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර ‘බී’ පිලත් අවසන් සටනට

වේල්ස් කුමර ‘බී’ පිලත් අවසන් සටනට

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අද (12 වැනිදා) සමත් විය.

වත්තල ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව වේයන්ගොඩදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගතතේය.

වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ තනුජ් කවිෂාන් ලකුණු 18 කට කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත ජෝෂප් විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.

කොච්චිකඬේ ලොයෙලා විදුහලට එරෙහිව බෝපිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසි අතර ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට පිවිසියේ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුවය.


වත්තල ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 111
(සහේන් විජේසුන්දර 18, තනුජ් කවිෂාන් 18/4)

වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 112
(යුනෙත් ද සිල්වා නොදැවී 30, උමේෂ් මෙන්ඩිස් 29, රවිජ පෙරේරා 25/2)

 


අදහස් (0)

වේල්ස් කුමර ‘බී’ පිලත් අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.