Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය.
බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් වේල්ස් කුමර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් තනූජ් කවිෂාන් (58), මලීෂ ද සිල්වා (56), ෂෙහාන් රොද්‍රිගූ (55) සහ තරිඳු අමරසිංහ (51) අර්ධ ශතක ලබාගත් අතර ධර්මාශෝක විදුහල වෙනුවෙන් අබීත් චන්ද්‍රගුප්ත (52) සහ හසිත රාජපක්ෂ (50) අර්ධ ශතක ලබාගත්හ.
වේල්ස් කුමර විදුහල - ඕවර 67.3 කදී කඩුලු 8 ක් දැවී 252
(තනූජ් කවිෂාන් 58, මලීෂ ද සිල්වා 56, ෂෙහාන් රොද්‍රිගූ 55, තරිඳු අමරසිංහ 51, ගීෂාන් ප්‍රනාන්දු 31, මනීෂ රෂ්මික 69/3, නවීන් රසංග 15/2, ෂෙනිත හැලඹගේ 69/2)
ධර්මාශෝක විදුහල - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 154
(අබීත් චන්ද්‍රගුප්ත 52, හසිත රාජපක්ෂ 50, මලීෂ ද සිල්වා 34/3, ෂෙහාන් රොද්‍රිගූ 18/2, අදිත එමාෂ 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.