Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකා පාපැදි ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති ධුරයට යළිත් නිතරගයෙන් පත්වෙයි. ඒ පිළියන්දලදී පැවති සංගමයේ 2022 – 23 නිලවරණයේදීය.
අමල් හර්ෂ ද සිල්වා මහතා වසර කීපයක් තිස්සේ මෙම ධුරය හොබවන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකි. ලේකම් ධුරයට යළිත් පත්වූ පී. ඇන්තනි සිමන්ස් මහතා මෙරට දැනට කල්ගෙවන ජ්‍යෙෂ්ඨතම හිටපු පාපැදි ශූරයෙකි.
දිවයිනේ පාපැදි ක්‍රීඩාවේ නිරතව කල්ගෙවූ හිටපු පාපැදි ශූරයන් වන සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.
මෙරට පාපැදි ක්‍රීඩාවේ නිරතව දැනට ප්‍රවීනයන් ලෙස කල් ගෙවන සංගමයේ සාමාජිකයන් සඳහා රක්ෂණ ක්‍රමවේදයක් නැවැත පණ ගැන්වීමට මෙම මහා සභා රැස්වීමේදී සාකච්ඡා විය.
පුහුණුවීම් හා තරග අවස්ථාවලදී අනතුරුවලට ලක්වීමෙන් මේ දක්වා තරගකරුවන් 21 දෙනකු පමණ මියගොස් තිබෙන බැවින් සංගමයේ සාමාජිකයන් සඳහා රක්ෂණ ආවරණයක් නැවැත බල ගැන්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණි.
ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පාපැදි සංගමයේ නව විධායක සභාව (2021 – 22)
සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ලේකම් පී. ඇන්තනි සිමන්ස් මහතා, භාණ්ඩාගාරික නිමල් කුලසේකර මහතා,
උප සභාපතිවරුන් - ජෝර්ජ් රොද්‍රිගෝ, ඩී.ජේ. සුමනසේකර, ජේ.එල්. දූල්ලෑව, විල්මන් පෙරේරා, බොනිෆස් පෙරේරා යන මහත්වරු, නියෝජ්‍ය ලේකම් - ලෙස්ලි රූපසිංහ මහතා,
රේසින් කමිටුව – එච්.එම්. හසන්, ඩබ්.එෆ්. ජයලත්, ඊ.එම්. දිසානායක, ඒ.එම්. සුමනවීර, ජස්ටින් වික්‍රමසිංහ යන මහත්වරු,
තාක්ෂණ කමිටුව - සී.පී. මීවනගේ, කේ.එස්. සුගතපාල, කින්සි මැන්දිස්, ටියුඩර් විජේසූරිය යන මහත්වරු,
සංවිධාන කමිටුව - උපාලි තාබෘ, සුමිත් බාලසූරිය, රාජා ගුණසේකර යන මහත්වරු.
Dr.A.Far Tuesday, 28 December 2021 01:22 PM
දේශපාලකයින්ට කඩේ යනවා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.