Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෛද්‍යතිලක යළිත් ඉහළම ශ්‍රේණියට

වෛද්‍යතිලක යළිත් ඉහළම ශ්‍රේණියට

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ අනුමැතිය ලද, ශී‍්‍ර ලංකාවේ සිටින එකම තාක්‍ෂණික නිලධාරියා වන පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතා පසුගියදා ලන්ඩනයේදී පැවැති අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ තාක්‍ෂණික නිලධාරීන් ඇගයීමේ පරීක්‍ෂණයේදී විශිෂ්ට දස්කම් දක්වමින් යළිත් වරක් තාක්‍ෂණික නිලධාරීන් අතර ඉහළම ශ්‍රේණියට පිවිසි සිටී.


අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය විසින් තාක්‍ෂණික නිලධාරීන් සහතික කිරීම හඳුන්වා දෙන ලද වසර 2001 සිට මේ දක්වාම එහි ඉහළම ශ්‍රේණියේ රැුඳී සිටින නිලධාරීන් අතළොස්සෙන් වෛද්‍යතිලක මහතාද අයෙකි. මෙම තාක්‍ෂණික නිලධාරීන් ඇගයීමේ පරීක්‍ෂණය වසර 4 කට වරක් පැවැත්වෙන අතර සෑම අවස්ථාවකදීම වෛද්‍යතිලක මහතා ඉහළින්ම සමත් වී තිබේ.


වෛද්‍යතිලක මහතාද සමගින් අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ අනුමැතිය ලද ආසියානු තාක්‍ෂණික නිලධාරීන්ගේ සංඛ්‍යාව 5 කි. ක්වෙන් කී (හොං කොං), වැද්මින් නිග්මතොව් (තජිකිස්තානය) ෂෙන් චුන්ඬේ (චීනය) සහ යුකියෝ සෙකි (ජපානය) ආසියාවේ සිටින සෙසු තාක්‍ෂණික නිලධාරීහු වෙති.


අදහස් (0)

වෛද්‍යතිලක යළිත් ඉහළම ශ්‍රේණියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.