Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳසේවා වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික වෙළෙඳසේවා වොලිබෝල් තරගාවලිය මෙම 2014 වසරේදී කාණ්ඩ තුනකින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා සහ පිරිමි මූලික අදියරේ තරග ලබන අගෝස්තු 16 සහ 17 දිනවලදී මහරගම තරුණ සේවා සභා ක‍්‍රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සුපර් ලීග්, ශූරයන්ගේ කුසලාන සහ ‘ඒ’ කාණ්ඩය යටතේ වොලිබෝල් කී‍්‍රඩාවේ සම්මත නීති රිදි පදනම් කරගනිමින් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. තරගාවලිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 35 ක් බව සංවිධායකයෝ පවසති.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය ලබන අගෝස්තු මස 30 වැනිදා සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ශූරතාව, අනුශූරතාව, දක්‍ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමට නියමිතය.
සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි පළමු ස්ථානය සඳහා කුසලාන සමග රුපියල් 150,000 ක්ද, දෙවන ස්ථානය සඳහා කුසලාන සමග රුපියල් 100,000 ක්ද තෙවන ස්ථානය සඳහා කුසලාන සමග රු 50,000 ක්ද පිරිනැමේ.
සුපර් ලීග් කාන්තා තරගාවලියේ ප‍්‍රථම ස්ථානය සඳහා කුසලාන සමග රු. 100,000 ක්ද දෙවන ස්ථානය සඳහා කුසලාන සමග රු. 50,000 ක්ද තෙවන ස්ථානය සඳහා කුසලාන සමග රු. 25,000 ක්ද පිරිනැමේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව සඳහා කුසලාන සමග රු. 100,000 ක්ද දෙවන ස්ථානයට කුසලාන සමග රු. 50,000 ක්ද තෙවන ස්ථානයට කුසලාන සමග රු.25,000 ක්ද පිරිනැමේ. එම අංශයේ කාන්තා ශූරතාව සඳහා කුසලාන සමග රු. 80,000 ක්ද දෙවන ස්ථානයට කුසලාන සමග රු. 40,000 ක්ද තෙවන ස්ථානයට කුසලාන සමග රු. 25,000 ක්ද පිරිනැමේ.
‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව සඳහා කුසලාන සමග රු. 20,000 ක්ද දෙවන ස්ථානයට කුසලාන සමග රු. 15,000 ක්ද තෙවන ස්ථානයට කුසලාන සමග රු. 10,000 ක්ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.