Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් අවසන් මහ තරග හෙට

වොලිබෝල් අවසන් මහ තරග හෙට

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නමගිය වොලිබෝල් තරු නැංවෙන ජාතික ශූරතා සුපර්ලීග් වොලිබෝල් තරගමාලාවේ අවසන් මහ තරග හෙට (17 වැනිදා) පස්වරු 1.00 සිට මහරගම තරුණ සේවා ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ. ගියවර කාන්තා ශූරතාව දිනාගත් විදේශ සේවා කාර්යාංශ කණ්ඩායම මෙන්ම අනුශූරතාව හිමිකරගත් ගුවන් හමුදා කණ්ඩායම මෙවරත් අවසන් මහ තරගයට තේරී සිටිති.

පසුගිය වසරේදී පිරිමි ශූරතාව දිනාගත් වරාය අධිකාරි කණ්ඩායම මෙවරත් අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව ලබාගෙන ඇත. වසර 2009 න් පසු යුද හමුදා කණ්ඩායම පිරිමි සුපර්ලීග් අවසන් තරගයට පිවිස සිටී.

 දිවයිනේ ප‍්‍රබලතම වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩයම් 24 ක් ගැටුණු මෙවර සුපර්ලීග් තරගමාලාව යොදාගත් දිනවලදීම අවසන් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමත්ව සිටින බව එහි උපලේකම් කර්නල් මහේෂ් අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය.

සිලෝන් (මංචි) බිස්කට් සමාගම මෙවරත් තරගාවලියට අනුග‍්‍රහය දක්වයි. අවසන් මහ තරගයේ ජය සංඛේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වන්නේ කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාය. මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැුකියා ප‍්‍රවර්ධන සහ සුභසාධන ඇමති ඩිලාන් පෙරේරා, සිලෝන් බිස්කට් සමාගමේ විධායක අධ්‍යක්ෂ ශි‍්‍රයා වික‍්‍රමසිංහ, එහි සමූහ අධ්‍යක්ෂ නන්දන වික‍්‍රමගේ, සාමාන්‍යාධිකාරී (වෙළඳ) තේජා පීරිස්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර, කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයත් බන්දුවික‍්‍රම, කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වෙති.


අදහස් (0)

වොලිබෝල් අවසන් මහ තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.