Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් තරගාවලිය කුරුවිටදී

වොලිබෝල් තරගාවලිය කුරුවිටදී

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, රත්නපුර වොලිබෝල් සංගමය සහ කුරුවිට ගෝනපිටිය රන්තරු කී‍්‍රඩා සමාජය සමග එක්ව සංවිධානය කරන සුපිරි 8 වොලිබෝල් තරගාවලිය මේ මස 14 වැනිදා කුරුවිට ගෝනපිටිය රන්තරු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, වරාය අධිකාරිය, ශී‍්‍ර ලංකා ටෙලිකොම්, ජාතික තරුණ සේවා සභාව සහ මාස් ඇක්ටිව් යන ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 8 ක් මෙම තරගාවලියේදී තරග වදිති.

14 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භ වන මෙම තරගාවලිය දිවාරාතී‍්‍ර තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය එදින රාති‍්‍රයේ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කුරුවිට ගෝනපිටිය රන්තරු කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.

 

- 036


අදහස් (0)

වොලිබෝල් තරගාවලිය කුරුවිටදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.