Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් සංචිත පුහුණුවීම් අරඹයි

වොලිබෝල් සංචිත පුහුණුවීම් අරඹයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ සංචිතවල පුහුණුවීම් දැන් ආරම්භ කර තිබේ.

 පිරිමි සහ කාන්තා සංචිත සඳහා එකකට 20 දෙනෙක් බැගින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 40 දෙනෙක් පුහුණුවීම්වල නිරත වෙති. ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්‍ෂණයෙන් සංචිතයන්’හි පුහුණුවීම් මේ දිනවල කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලබන වසරේ (2016) පෙබරවාරී මස 6 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගර දෙකකදී 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.

චාල්ස් තිලකරත්න මහතා පිරිමි සංචිතයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කියුබානු පුහුණුකරුවකු කාන්තා සංචිතයේ පුහුණුවීම් මෙහෙයවයි. පිරිමි සංචිතයේ කළමනාකරු ලෙස නාවික කොමදෝරු සනත් උත්පල මහතා කටයුතු කරයි.

 


පිරිමි සංචිතය:
ගයාන් මධුසංඛ, ජනිත් සුරත්, දීප්ති රොමේෂ්, චාමර මිහිරාන්, පී. ප‍්‍රසන්න, ඞී. සුධාරක, ඉසුරු, චානක මධුෂංක, අයේෂ් ඩිල්ෂාන්, ෂාමිල් මලින්ද, මලිත් දිලිදු, වසන්ත ලක්මාල්, ඞී.එම්.ලක්මාල්, නිලංග සංජය, කසුන් චතුරංග, ලසිදු මෙත්මල්, නුවන් චාමික සහ එම්.ආර්.එරංග, නාවික කොමදෝරු සනත් උත්පල මහතා (කළමනාකරු), චාල්ස් තිලකරත්න මහතා (ප‍්‍රධාන පුහුණුකරු), නලින් සම්පත් මහතා (සහය පුහුණුකරු)


කාන්තා සංචිතය:
අනුෂා සඳමාලි, ඞී. ප‍්‍රසාදිනී, ඩබ්ලිව්, මධුමාලි, ඒ. චතුනි, එම්. පී. මධුරානී, එච්. එල්. සේනාරත්න, සී.එම්.වීරසිංහ, ටී.වාසනා, ඒ.සෙව්මලී, ආර්.තක්‍ෂලා, වී.චාමරිකා, සී.ජී.රණසිංහ, ආර්.අයි.උමයංගනී, පී.එස්.නිමන්තිකා, සී.දිල්හානි, පී.තුෂාරී, සී.ජයතුංග, අයි.එස්.පෙරේරා, එස්.එම්.හේරත්, ඒ.ඞී.සංජීවනී


- 090


අදහස් (0)

වොලිබෝල් සංචිත පුහුණුවීම් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.