Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ (2016) බාලක සහ බාලිකා අවසන් මහා තරග හෙට සහ අනිද්දා (15 සහ 16) මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
18 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩ දෙකේ බාලක අවසන් මහා තරග සදහා නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම් සුදුසුකම් ලබා සිටියි.
වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය 18 න් පහළ වයස් කාණ්ඩයෙන්ද, මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහ විද්‍යාලය 16 න් පහළ වයස් කාණ්ඩයෙන්ද බාලක අවසන් මහා තරග සදහා සුදුසුකම් ලබා ඇත.
14 න් පහළ වයස් කාණ්ඩයේ බාලක අවසන් මහා තරගය මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වේ.
අවසන් වරට 2013 වසරේ පැවැති තරගාවලියේදී වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගත් සීදුව දවිසමර මධ්‍ය මහා විද්‍යාලය මෙන්ම වයස 16 න් පහළ ශූරයන් වු රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ද මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ වරම් අහිමිව ගොස් තිබේ.
18 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩ දෙකේ බාලිකා අවසන් තරග සදහා ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සුදුසුකම් ලබා සිටියි.
නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, 18 න් පහළ බාලිකා අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින අනෙක් කණ්ඩායමයි. ආනමඩුව මහඋස්වැව රතනපාල මධ්‍ය විද්‍යාලය, 16 න් පහළ බාලිකා අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායමයි.
අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල අතර වයස 14 න් පහළ (බාලිකා) අවසන් තරගය පැවැත්වේ.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය අනිද්දා (16) අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අවසන් තරග පැවැත්වෙන ආකාරය:
ජුලි මස 15 වැනිදා
14 න් පහළ (බාලිකා) - පස්වරු 1.00 ට
14 න් පහළ (බාලක) - පස්වරු 3.00 ට
ජුලි මස 16 වැනිදා
16 න් පහළ (බාලිකා) - පෙරවරු 8.30 ට
16 න් පහළ (බාලිකා) - පෙරවරු 11.00 ට
18 න් පහළ (බාලිකා) - පස්වරු 1.00 ට
18 න් පහළ (බාලක) - පස්වරු 3.00 ට
නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය 18 න් පහළ කණ්ඩායම (බාලක)
වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයීය 18 න් පහළ කණ්ඩායම (බාලක)
නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය 18 න් පහළ කණ්ඩායම (බාලිකා)
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය 18 න් පහළ කණ්ඩායම (බාලිකා)
නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය 16 න් පහළ කණ්ඩායම (බාලක)
මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහ විද්‍යාලයීය 16 න් පහළ කණ්ඩායම (බාලක)
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය 16 න් පහළ කණ්ඩායම (බාලිකා)
ආනමඩුව මහඋස්වැව රතනපාල මධ්‍ය විද්‍යාලයීය 16 න් පහළ කණ්ඩායම (බාලිකා)
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය 14 න් පහළ කණ්ඩායම (බාලක)
මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය විද්‍යාලයීය 14 න් පහළ කණ්ඩායම (බාලක)
අම්පාර උහන තිස්සපුර විද්‍යාලයීය 14 න් පහළ කණ්ඩායම (බාලිකා)
හුංගම විජයබා ජාතික පාසල් විද්‍යාලයීය 14 න් පහළ කණ්ඩායම (බාලිකා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.