Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් ශූරතාව නාවික හමුදාවට

වොලිබෝල් ශූරතාව නාවික හමුදාවට

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ නගර සභාව සහ හොරණ එක්සත් ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධානය කළ හොරණ නගරාධිපති කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. එහි අවසන් මහ තරගයේදී නාවික හමුදා කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙසින් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරන ලදි. අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවිය.

හොරණ නගර සභාව මගින් රුපියල් ලක්ෂ 15ක වියදමින් නවීකරණය කරනු ලැබූ හොරණ නගර සභා වොලිබෝල් ක‍්‍රීඩා පිටිය විවෘත කිරීම සඳහා හොරණ නගර නගර සභාව සහ හොරණ එක්සත්  ක‍්‍රීඩා සමාජය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළහ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා  නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කරමින් පිරිමි හා කාන්තා  කණ්ඩායම් සහභාගි වූහ.

පිරිමි ශූරතාවය දිනා ගත් නාවික හමුදා කණ්ඩායමට හොරණ නගරාධිපති කුසලාන සමගින් මුදලින් රු. 100,000/-ක්ද අනුශූරතාවය හිමිකරගත් ගුවන් හමුදා කණ්ඩායමට සඳහා නගරාධිපති අනුශූරතා කුසලානය සමගින් මුදලින් රු. 50,000/- ක්ද පිරිනැමිණ.

හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරි සභාපති රෝහණ කුලසිරි මහතාත්, හොරණ ලලිත් මෝටර්ස් අධිපති ලලිත් රවීන්ද්‍ර අතුකෝරල මහතාත් එම තිළිණ සඳහා මූල්‍ය අනුග‍්‍රහය දැක්වූහ.

තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙස නාවික හමුදා කණ්ඩායමේ මොරිස් චාමින්ද ද, දක්ෂතම ප‍්‍රහාරකයා ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ කසුන් අමරවීරද, දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස නාවික හමුදා කණ්ඩායමේ දීප්ති රණවකද සම්මාන හා මුදල් තිළිණ ලැබූහ. නාවික හමුදා කණ්ඩායමේ පුහුණුකරු ලෙස දීපාල් අල්විස් මහතා කටයුතු කළේය.

තරඟාවලියේ ජය සංකේත වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් පිරිනැමිණ.

පිරිමි අවසන් තරගය:
ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරන ලදී (ලකුණු 25/16, 25/13, 25/21)

ඡයාරූප සහ විස්තර අඟුරුවාතොට මංගල එදිරිසිංහ සහ හොරණ විජේරත්න  ඕපනායක
 


අදහස් (0)

වොලිබෝල් ශූරතාව නාවික හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.