Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් ශූරතාව විදේශ සේවා කාර්යාංශයට

වොලිබෝල් ශූරතාව විදේශ සේවා කාර්යාංශයට

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ නගර සභාව හා හොරණ එක්සත් ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධානය කළ හොරණ නගරාධිපති කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අවසන් මහ තරගයේදී තරග වට 3-1ක් ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පරාජය කරමින් ජයගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම ශූරතාව දිනාගත්තේය. අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට හිමිවිය.

හොරණ නගර සභාව මගින් රුපියල් ලක්ෂ 15ක වියදමින් නවීකරණය කරනු ලැබූ හොරණ නගර සභා වොලිබෝල් ක‍්‍රීඩා පිටිය විවෘත කිරීම සඳහා හොරණ නගර සභාව සහ හොරණ එක්සත්  ක‍්‍රීඩා සමාජය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළහ. මෙම තරගාවලියට ශ්‍රී ලංකා  නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කරමින් පිරිමි හා කාන්තා  කණ්ඩායම් සහභාගි වූහ.

කාන්තා ශූරතාව දිනාගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායමට නගරාධිපති කුසලාන සමගින් රුපියල් 50,000 ක් ද අනුශූරතාව හිමිකරගත් ගුවන් හමුදා කාන්තා කණ්ඩායමට නගරාධිපති අනුශූරතා කුසලානය සමගින් රුපියල් 30,000 ක්ද පිරිනැමිණ.

හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරි සභාපති රෝහණ කුලසිරි මහතාත්, හොරණ ලලිත් මෝටර්ස් අධිපති ලලිත් රවීන්ද්‍ර අතුකෝරල මහතාත් එම තිළිණ සඳහා මූල්‍ය අනුග‍්‍රහය දැක්වූහ.

තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායමේ යූ.කේ.එස්.රංගනීද, දක්ෂතම ප‍්‍රහාරක කී‍්‍රඩිකාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ දිනේෂා ප‍්‍රසාදනීද, දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස පී.ඒ.එල්.එස්. සෝමරත්නද සම්මාන හා මුදල් තිළිණ හිමිකරගත්හ. විදේශ සේවා කාර්යාංශ කණ්ඩායමේ පුහුණු කරු ලෙස ජානක ඉන්ද්‍රජිත් මහතාද කටයුතු කළේය.

තරඟාවලියේ ජය සංකේත වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් පිරිනැමිණ.

කාන්තා අවසන් තරගය :
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරන ලදී (ලකුණු 25/20, 21/25, 25/18, 25/23)



ඡයාරූප සහ විස්තර අඟුරුවාතොට මංගල එදිරිසිංහ සහ හොරණ විජේරත්න  ඕපනායක


අදහස් (0)

වොලිබෝල් ශූරතාව විදේශ සේවා කාර්යාංශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.