Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාවලපිටියේදී පැවැති 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගමාලාවේ පිරිමි රන් පදක්කම සබරගමුව පළාත් කණ්ඩායමට ප‍්‍රදානය කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (28) තීරණය කළ බව වාර්තාවේ.
සබරගමුව පළාත් කණ්ඩායම හා බස්නාහිර පළාත් කණ්ඩායම අතර 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් (පිරිමි) අවසන් මහ තරගය ඊයේ පස්වරු 3.00 ට නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී නැවත පැවැත්වීමට යොදා ගෙන තිබුණත් බස්නාහිර පළාත් කණ්ඩායම තරගයට වාර්තා නොකිරීම නිසා එහි නිතරග ජය සබරගමුව පළාත් පිලට ප‍්‍රදානය කරමින් රන් පදක්කම පිරිනැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා තරග කොළඹ දී පැවැත්විණි. අනතුරුව අවසන් මහ තරගය පසුගිය සැප්තැම්බර් 2 වැනිදා නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගනයේදී ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වීමට සූදානම් කර තිබුණි.
එහෙත් එහිදී ලියාපදිංචියට ප‍්‍රමාදව පැමිණි බව කියන සබරගමුව පළාත් කණ්ඩායම තරග නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අවසන් තරගයෙන් ඉවත් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබුණි.
කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සබරගමුව කණ්ඩායම ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ සංවිධායකයන් මෙම වොලිබෝල් අවසන් මහ තරගය පැවැත්වීමට තීරණය කළත් ඒ සඳහා බස්නාහිර පළාත් කණ්ඩායම විරෝධතා ඉදිරිපත් කරමින් තරගය වර්ජනය කර සිටියේය. එම අවස්ථාවේදී තරග වැදීමට සූදානම්ව ජයතිලක ගෘහස්ථ පිටියට සබරගමුව පළාත් කණ්ඩායම රැස්ව සිටියත් ප‍්‍රතිවාදී බස්නාහිර පළාත් කණ්ඩායම තරග වැදීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා එම අවස්ථාවේදී තරගය පැවැත්වීම අත්හැර දමනු ලැබීය.
ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය එම අවස්ථාවේදී තරගය පැවැත්වීමට දැඩි උත්සාහයක් ගත්තාය. එහෙත් ඊට බස්නාහිර පළාත් ක‍්‍රීඩා බලධාරීන් දිගින් දිගටම විරෝධය පළ කරනු දක්නට ලැබුණු අතර එම අවස්ථාවේදී එහි රැස්ව සිටි සබරගමුව කණ්ඩායමේ ආධාරකරුවන් පිරිසක් තරගය නොපැවැත්වීමට එරෙහිව විරෝධතාවකද නිරත විය.
මේ අතර 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ නිල ප‍්‍රතිඵල ලේඛනයේ දක්වා ඇත්තේ සබරගමුව කණ්ඩායමට එරෙහිව බස්නාහිර කණ්ඩායම නිතරග ජයක් ලබා ගත් බවය.
ඒ අනුව බස්නාහිර පළාත් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට රන් පදක්කම් හා සහතික පත් ප‍්‍රදානය කර තිබෙන අතර වයඹ පළාත් කණ්ඩායම තෙවැනි ස්ථානය (ලෝකඩ පදක්කම) අත් කර ගත් බවත් එහි දක්වා තිබේ. එහෙත් පෙරේදා ගත් තීරණයට අනුව සබරගමුව පළාත් කණ්ඩායමට වොලිබෝල් (පිරිමි) රන් පදක්කම ප‍්‍රදානය කෙරෙන අතර උද්ගතවී තිබෙන තත්ත්වය අනුව 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් (පිරිමි) රිදී පදක්කමට හිමිකරුවකු නම් කර නොමැත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම මානව හිමිකම් කොමිසමට ද මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පසුව ක‍්‍රීඩා අමාත්‍යාංශය පත් කළ විශේෂ කමිටුවට කී‍්‍රඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන සමන් බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (ක‍්‍රීඩා හා ශාරීරික අභ්‍යාස) බී.ඒ. අබේරත්න හා ව්‍යාපෘති නිලධාරී වයි.කේ. කුලරත්න යන මහත්වරු ඇතුළත් වූහ.
එම කමිටුවේ තීරණයට අනුව මෙලෙස තරගය නැවත පැවැත්වීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා පෙරේදා ජයතිලක ගෘහස්ථ පිටියට සමන් බණ්ඩාර මහතා හා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් පිරිසක් ගොස් තිබේ. එහෙත් තරගය පැවැත්වීමට නියමිත වේලාවෙන් පැයක් ඉක්මවා යනතුරුත් බස්නාහිර පළාත් කණ්ඩායම තරගයට වාර්තා නොකිරීම නිසා යළිත් මෙම අවසන් මහ තරගය පැවැත්වීමට ගත් උත්සාහය අත්හැර දමා තිබේ.
වාර්තා වන පරිදි නැවැත තරගය පෙරේදා පැවැත්වීමට ගත් තීරණය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිවේදනය බස්නාහිර වොලිබොල් (පිරිමි) කණ්ඩායමට දැනුම්දීමට එහි බලධාරීන් උනන්දු වී නැතැයි ද වාර්තාවේ.
නව තීරණයත් සමග 39 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ බස්නාහිර පළාතේ රන් පදක්කම් ගණන 75 ක් දක්වා අඩුවන අතර සබරගමුව පළාතේ රන් පදක්කම් ගණන 12 ක් දක්වා වැඩිවී තිබේ.
39 වන ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ සමස්ත ගූරතාව බස්නාහිර පළාත දිනා ගත් අතර සබරගමුව පළාත හය වැනි ස්ථානය ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.