Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී රාහුල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී රාහුල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය.

පල්ලේකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව ලකුණු 40 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී රාහුල විද්‍යාලය සමත්විය.

මදුෂාන් පරණවිතාන පළමු ඉනිමේදී කඩුලු 5 ක් සහ දිල්ෂාන් අරඹේගෙදර දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ළහිරු බණ්ඩාර දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් ලකුණු 94 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වුවද මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට ජයග්‍රහණය කරා යෑමට නොහැකි විය.


ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(ළහිරු විජේරත්න 24, ක්‍රිෂාන්ත කුමාර 21, ආකාෂ් ගාර්දියවසම්  නොදැවී 23, ළහිරු බණ්ඩාර 49/4, තිලීර අකලංක 09/2, සුපුන් ගෙදරගොඩ 11/2, ශෙමිල් මිරද්‍ය 30/2)

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී ලකුණු 111
(අවිෂ්ක පුෂ්පකුමාර 38, මදුෂාන් පරණවිතාන 35/5)

ශ්‍රී රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52.3 කදී සියලුදෙනා දැවී ලකුණු 133
(ජනිත් මයිටි 44, ක්‍රිෂාන්ත කුමාර 32, ළහිරු බණ්ඩාර 45/6)

ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(අවිෂ්ක පුෂ්පකුමාර නොදැවී 34, විහඟ වීරතුංග 24, ශෙමිල් මිරද්‍ය 22, දිල්ෂාන් අරඹේගෙදර 44/5, සහන් මිලින්ද 05/2)

 


අදහස් (0)

ශ්‍රී රාහුල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.