Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය අද

ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය අද

editorial - 2024 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලයේ කත්මන්දු නුවරදී ඊයේ (17) ආරම්භ වූ හත් වැනි සාෆ් (දකුණු ආසියානු) ශූරතා (කාන්තා) පාපන්දු තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව අද (18) මාලදිවයින සමග මූලික වටයේ සිය පළමු තරගයට සහභාගි වේ.

මූලික වටයේදී බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව එහිදී මෙම මස 21 වැනිදා භූතානය සමගත් 24 වැනිදා සත්කාරක නේපාලය සමගත් තරග වැදීමට නියමිතය.

මූලික වටයේ ඒ හා බී කාන්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර මෙම මස 27 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටය සදහා නිර්දේශ ලබති.

අවසන් මහ තරගය මෙම මස 30 වැනිදා පැවැත්වේ.තරග සංචාරයට තුෂානි මධුශානිගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවෝ 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා (සංචිත) කණ්ඩායමක් සහභාගිවී සිටිති. ප්‍රධාන පුහුණුකරු ලෙස නිසාම් ෂෙරීෆ් හසන් රූමි මහතා ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය ලබා දෙයි.

අවසන් වරට 2022 දී කත්මන්දු නුවරදීම පැවැති තරගාවලියේ ශූරතාව බංග්ලාදේශය විසින් දිනා ගත්තේ අවසන් මහ තරගයේදී නේපාලය (3 - 1) පරාජයට පත් කරමිනි. ඒ වන විට පස් වතාවක්ම පිට පිටම කුසලාන දිනා සිටි ඉන්දියාව අවසන් පූර්ව තරගයේදී නේපාලයට (1 - 0) පරාජයවීමෙන් ඔවුන්ට එවර කුසලාන මග හැරුණි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී මෙතෙක් දැක්වූ ඉහළම දස්කම වන්නේ අවසන් පූර්ව වටයට (2012 - 14 - 19) පැමිණීමයි.හත් දෙනකුගෙන් සමන්විත පුහුණු කාර්‍ය්‍ය මණ්ඩලයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයට යොමු කර ඇත.

ලෝක කාන්තා පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දැන් පසු වන්නේ 157 වැනි ස්ථානයේය.ඉන්දියාව 68 වැනි ස්ථානයේද, නේපාලය 99 වැනි ස්ථානයේද, බංග්ලාදේශය 139 වැනි ස්ථානයේද, පකිස්තානය 158 වැනි ස්ථානයේද, මාලදිවයින 161 වැනි ස්ථානයේද හා භූතානය 175 වැනි ස්ථානයේද එහිදී පසු වෙති.


අදහස් (0)

ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.