Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ජාතික අයෝමය ශූරයා තේර්මේ තරගාවලිය සෙනසුරාදා (21) වත්තල පෙගාසස් හෝටලයේදී පැවැත්වේ. වසරේ පැවැත්වෙන ප්‍රධානතම කායවර්ධන තරගාවලිය වන එහි මූලික වටයේ තරග එදින පෙරවරු 8 සිට පැවැත්වේ.
සියලුම ඉසව්වල අවසන් තරග එදින පස්වරු 4.00 ට ආරම්භ කෙරේ. මෙවර ජාතික තරගාවලියේ සමස්ත ශූරයාට රුපියල් ලක්ෂ දෙකක තෑගි මුදලක් ප්‍රදානය කෙරේ. තරගාවලියේ සමස්ත අනුශූරයාට රුපියල් 150,000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 75,000 ක්ද ප්‍රදානය කෙරේ. කාන්තා ඉසව්වේ ශූරියටද මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරේ.
කිලෝගෑම් 60, 65, 70, 75, 80, 85, 85, ට වැඩි, යන ප්‍රධානතම ඉසව් හැරෙන්නට වයස 50 ට වැඩි තරගකරුවන් සදහා වන ප්‍රවීනයන්ගේ ඉසව්ව, වයස 23 න් පහළ ඉසව්ව, සෙන්ටිමීටර් 170 ට උස අඩු හා සෙන්ටිමීටර් 170 ට උස වැඩි යන ඉසව් ඇතුළුව කාන්තා ඉසව්වක්ද මෙවර ජාතික තරගාවලියට ඇතුළත් වේ.
100 කට වැඩි තරගකරුවන් පිරිසක් හැරෙන්නට කාන්තා ඉසව්ව සදහා තරගකාරියන් අට දෙනෙකු මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ විධායක සභික වසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
තරගාවලියේ ජයග්‍රාහී ක්‍රීඩකයන් 2025 වසරට නියමිත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සදහා නම්කෙරෙන ජාතික පුහුණු සංචිතයට ඇතුළත් කර ගැනේ.
වයස 23 න් පහළ ඉසව්ව කිලෝගෑම් 70 ට අඩු හා 70 ට වැඩි යනුවෙන් කාන්ඩ දෙකකින් පැවැත්වේ. ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ජය සංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.