Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කබඩි පිල බංග්ලාදේශයට

ශ්‍රී ලංකා කබඩි පිල බංග්ලාදේශයට

editorial - 2024 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සෙනසුරාදා (25) ආරම්භ වන බංගබන්දු කුසලාන  ජාත්‍යන්තර කබඩි (පිරිමි) තරගාවලියට සහභාගි වන සංචාරක ශ්‍රී ලංකා ජාතික කබඩි (පිරිමි) කණ්ඩායම බංග්ලාදේශයේ ඩකා නුවර බලා දැන් පිටත්ව ගොස් සිටියි.

යුරෝපීය හා අප්‍රිකානු  රටවල්ද ඇතුළත්ව රටවල් 12 ක් මෙවර තරගාවලියට ඉදිරිපත්ව  සිටිති. බංග්ලාදේශයේ බංගබන්දු රජු අනුස්මරණය කිරීම සදහා මෙම තරගාවලිය වාර්ෂිකව බංග්ලාදේශයේදී සංවිධානය කිරීමේදී මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර ඇතුළුව සංචාරයට අදාළ  සියලු පහසුකම් සදහා අනුග්‍රහය දක්වා ඇත්තේ බංග්ලාදේශ රජය විසිනි.

මෙම තරගාවලිය ජුනි 3 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරග දින දසුන එළිදැක්වීම ඊයේ  (23) සිදු කිරීමට නියමිතය තිබුණි.

ක්‍රීඩකයන් 11 දෙනකුගේ  සමන්විත සංචාරක ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ නායකයා ලෙස මිලින්ද චතුරංග ගලප්පත්ති නම් කර තිබේ. ආසන්නතම ජාතික මට්ටමේ කබඩි තරගාවලිය ජය ගත් යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 6 දෙනකුම මෙම තරග සංචාරයට නිර්දේශ ලැබීම කැපී පෙනේ. යුද හමුදා ක්‍රීඩා සමාජය පසුගිය කාලය මුළුල්ලේම කබඩි සම්මේලනය සමග මතභේද ඇති කර ගනිමින් ජාතික කබඩි සංචිතය වර්ජනය කර සිටි පාර්ශ්වයකි.

මේ හේතුවෙන් යුද හමුදා කබඩි ක්‍රීඩා සමාජයට කබඩි සම්මේලනය විසින් වාරණයක්ද පැනවීමට පසුව කටයුතු කළේය. ඒ නිසාම ඔවුන්ගේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පසුගිය කාලය පුරාම කබඩි සම්මේලනය සංවිධානය කළ දේශීය තරගමාලා මෙන්ම ජාත්‍යන්තර තරග සංචාර සහභාගිත්වයද අහිම් විය.

කෙසේවුවත්  බංගබන්දු තරග සංචාරයට ජාතික කණ්ඩායම නිර්දේශ කිරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්වූ විරෝධතා ඉවත දමමින් මෙහිදී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම තරග සංචාරයට අනුමැතිය දීම කැපී පෙනේ.

මේ පිටුපස සිටින්නේ ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණයෙන් පරාජයට පත්වූ පාර්ශ්වයක් බව එහි වත්මන් විධායක සභාව පවසයි.ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයට ගොස් එහිදි  විරෝධතා ඉදිරිපත් කර තිබේ.

මේ අතර මෙම විරෝධතා කෙතෙක්ද යත් විරෝධතාකරුවන් බංගබන්දු තරග සංවිධායකයන්ටද කෙළින්ම විරෝධතා ඉදිරිපත් කරමින් මෙම තරග සංචාරය කඩාකප්පල් කිරීමට උත්සාහය දැරූ බවට කබඩි සම්මේලනයෙන් චෝදනා එල්ල වේ.

කෙසේ වුවත් බංග්ලාදේශයේ තරග සංවිධායකයන්ට කරුණු පැහැදිළි කිරිමට දැනට ස්විට්සර්ලන්තයේ කල් ගෙවන කබඩි සම්මේලනයේ හිටපු සභාපති අනුර පතිරණ හා හිටපු ලේකම්  ආර්. සහීවන් යන මහත්වරුන්ද සිය මැදිහත් වීම් ලබා දුන් බව වාර්තාවේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව අවම තෙවැනි ස්ථානය බලාපොරොත්තු වන බව කබඩි සම්මේලනය පවසයි.

 

සංචාරක ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම

මිලින්ද චතුරංග ගලප්පත්ති, ඩිලාන්  සංජය, ජේ. ඩ්.ගයාන් මධුශංක, ටී.ධනුෂන්,ක්. ඒ.එල්.කේ. බී. කුරුප්පු, ගයාන් දිසානායක, ප්‍රදීප්  ප්‍රසන්න, ටී.එම්. එස්.එස්.තෙන්නකෝන්, ආර්.එම්.ඒ.එස්.රත්නායක , මිහිරංග දිසානායක, දිනේෂ්  ප්‍රේමතිලක, බී.ඒ. සහීඩ්,

 

නිලධාරින්

පුහුණුකරු : ඩී.පී.පී.රංගජීව, කළමනාකරු  : ටී. මදන්, තාක්ෂණ නිලධාරීන් :  උදේනි තිලකසිරි හා අසේල සංජීව යන මහත්වරුන්.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කබඩි පිල බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.