Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සමග එක්ව සංවිධානය කරන ‘ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළිය - 2024’ යටතේ පැවැත්වෙන දහයයි-10 ක්‍රිකට් තරග අනිද්දා (16 වැනිදා) සිට 18 වැනිදා දක්වා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කොළඹ, දඹුල්ල, ගාල්ල, මහනුවර සහ යාපනය යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම තරග පැවැත්වෙන අතර චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, නිරෝෂන් දික්වැල්ල සහ ජනිත් ලියනගේ පිළිවෙළින් එම කණ්ඩායම්වල නායකයන් ලෙස කටයුතු කරති.
අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව මෙම තරගාවලියේදී කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරාගෙන තිබේ.
ඒ අනුව එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් 10 දෙනා බැගින් මෙම කණ්ඩායම්වලට ඇතුළත්ව සිටිති.
සී.සී.සී. සහ කෝල්ට්ස් ක්‍රීඩකයන් 6 දෙනා බැගින්ද, බී.ආර්.සී., රාගම, ද්‍රවිඩ සංගම් සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩකයන් 5 දෙනා බැගින්ද කණ්ඩායම්වලට තෝරාගෙන ඇති අතර මුවර්ස් ක්‍රීඩකයන් 7 ක්, පොලිස් ක්‍රීඩකයන් 4 ක් සහ මහනුවර රේගු ක්‍රීඩකයන් 3 ක්ද එහි වෙති.
නුගේගොඩ, පානදුර සහ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, බදුරලිය, මීගමුව සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජවලින් එක් ක්‍රීඩකයා බැගින්ද මෙම තරගාවලියට ක්‍රීඩා කරති.
මෙම තරගාවලිය මූලික වටයේ තරග 10 කින් සහ අවසන් මහ තරගයකින් සමන්විත වන අතර ඉන් තරග 4 ක් තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදීද, අවසන් මහ තරගයද ඇතුළත්ව සෙසු තරග 7 බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොළඹ කණ්ඩායම
චරිත් අසලංක - නායක, අවිෂ්ක ප්‍රනාන්දු, ෂෙවෝන් ඩැනියෙල්, ක්‍රිෂාන් සංජුල, කවිඳු නදීෂාන්, නුවනිදු ප්‍රනාන්දු, දසුන් ශානක, දිනුර කළුපහන, ප්‍රමෝද් මධුෂාන්, නිපුන් ධනංජය (එස්.එස්.සී.), හිමේෂ් රාමනායක, දිලුම් සුදීර, විෂාද් රන්දික, අෂේන් බණ්ඩාර (පොලිසිය) සහ නිෂාන් පීරිස් (මීගමුව)
දඹුල්ල කණ්ඩායම
භානුක රාජපක්ෂ - නායක, දුෂාන් හේමන්ත, මොවින් සුබසිංහ, මර්වින් අභිනාෂ, මොහොමඞ් ශිරාස් (බී.ආර්.සී.), ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, ලක්ෂාන් සඳකැන්, දුවිඳු රණතුංග (සී.සී.සී.), පුලිඳු පෙරේරා, කෙවින් පෙරේරා (නුගේගොඩ), රනේෂ් සිල්වා (බදුරළිය) සහ ගයන වීරසිංහ (මහනුවර යොවුන්)
ගාල්ල කණ්ඩායම
දුනිත් වෙල්ලාලගේ - නායක, යශෝධා ලංකා, රවිඳු රෂාන්ත, ධනංජය ලක්ෂාන්, අකිල ධනංජය, මුදිත් ලක්ෂාන් (කෝල්ට්ස්), පසිඳු සූරියබණ්ඩාර, සොහාන් ද ලිවේරා, මල්ෂ තරුපති, ගරුක සංඛේත්, තිලංග උදේෂණ, ශිරාන් ප්‍රනාන්දු, දිනුක ඩිල්ෂාන් (මුවර්ස්), ඕෂද ප්‍රනාන්දු සහ නිමේෂ් විමුක්ති (පානදුර)
මහනුවර කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල - නායක, කමිල් මිෂාරා, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, ලසිත් ඇඹුල්දෙණිය, අෂීන් ඩැනියෙල්, නිපුන් රංසික (එන්.සී.සී.), තනුක දාබරේ, වනුජ සහන් (ඒස් කැපිටල්), වයි. මඩුගල්ල, නිම්සර අතරගල්ල (මහනුවර යොවුන්) සහ චමෝද් සඳරු (හලාවත මේරියන්ස්)
යාපනය කණ්ඩායම
ජනිත් ලියනගේ - නායක, පුලින තරංග, බිනුර ප්‍රනාන්දු, ඒෂාන් මාලිංග, චමත් ගෝමාස් (රාගම), සඳුන් වීරක්කොඩි, මොහොමඞ් ෂමාස්, තරිඳු රත්නායක, අයන සිරිවර්ධන, ලහිරු සමරකෝන් (ද්‍රවිඩ සංගම්), රවිඳු ප්‍රනාන්දු, හසිත බෝයගොඩ, ලහිරු මධුෂංක, සචින්ත ජයතිලක සහ ඉසිත විජේසුන්දර (බ්ලූම්ෆීල්ඞ්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.