Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූපය (වමේ සිට දකුණට)
රෙනුක් විජේමාන්න (පුහුණුකරු), චාතූර්ය නිලවීර, යසිත ද සිල්වා, ටෙහාන් විජේමාන්න, විබුද විජේබණ්ඩාර සහ ඉක්බාල් බින් ඉසාක් (ටෙනිස් සංගමයේ සභාපති)
(ශානුක අරවින්ද)
ජෝර්දානයේදී පැවැත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය III වැනි කාණ්ඩයේ අතිශය තීර්ණාත්මක තරග වටයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම අද (8 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.
මේ මස 15 වැනිදා අරම්භ වන එම තරග වටය 20 වැනිදා නිමාවට පත්වීමට නියමිත අතර ඊට කේවල තරග 4 ක් සහ එක් යුගල තරගයක් ඇතුළත් වේ. තරග වටයෙන් ජය ලැබීමට නම් ශ්‍රී ලංකාව අවම වශයෙන් එම තරග 5 න් 3 ක් ජයගත යුතුය.
ජෝර්දානයට ලඟා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දින 7 ක් නිරෝධානය වීමට නියමිතය. තවමත් තරගාවලියේ තරග සැකැස්ම එළිදක්වා නොමැති බැවින් සිය ප්‍රතිවාදියා කවුදැයි යන්න පිළිබඳව දැනගැනීම සඳහා ඔවුන්ට තවත් දින කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත.
මෙම තරග වටය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් ඔවුන්ට ආසියා ශාන්තිකර කළාපීය III වැනි කාණ්ඩයේ සිට II වැනි කාණ්ඩය දක්වා ඉහළ යෑමට අවස්ථාව උදාවනු ඇත. එහෙත් ඉන් පරාජයට පත්වුවහොත් තවදුරටත් III වැනි කාණ්ඩයේ රැදී සිටීම සඳහා ඔවුන්ට තවත් තරග වටයකට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.
යම් හෙයකින් දෙවැනි තරග වටයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ඔවුන්ට ආසියා ශාන්තිකර කළාපීය III වැනි කාණ්ඩයේ සිට IV වැනි කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවනු ඇත. එබැවින් මෙම මස 15 වැනිදා ඇරඹෙන තරග වටය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා තීර්ණාත්මක තරග වටයක් බවට පත්ව තිබේ.
යසිත ද සිල්වා, ටෙහාන් විජේමාන්න, චාතූර්ය නිලවීර සහ විබුද විජේබණ්ඩාර යන ක්‍රීඩකයන් සිවු දෙනාගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම ක්‍රීඩා නොකරන නායකයා ලෙසද රෙනුක් විජේමාන්න මහතා කටයුතු කරයි.
එම ක්‍රීඩකයන් අතරින් යසිත ද සිල්වා සහ ටෙහාන් විජේමාන්න ජාතික ටෙනිස් ශ්‍රේණිගතකිරීම් පදනම් කරගනිමින් ඍජුවම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන හිමිකර ගෙන ඇත. චාතූර්ය නිලවීර සහ විබුද විජේබණ්ඩාර කණ්ඩායමට ඇතුළත්ව ඇත්තේ තේරීම් තරගාවලියකට සහභාගි වීමෙන් අනතුරුවය.
ක්‍රීඩකයන් 5 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තේරීම් තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවලට පත්වූ කිරන් වයිරවනාදන් සහ දිල්වන් හේරත් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති. තේරීම් තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩකයා වන්නේ දුමිදු දිලුම්ය.
ඩේවිස් කුසලාන තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තේරීම වන හර්ෂණ ගොඩමාන්න මෙන්ම ශාමල් දිසානායක, දිනේෂ්කාන්තන් තංගරාජා සහ සංඛ අතුකෝරල වැනි තවත් ප්‍රභල ක්‍රීඩකයන් කිහිප දෙනකුම විවිධ හේතූන් මත මෙවර ඩේවිස් කුසලාන තරගාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙවර තරගාවලියේ අනුග්‍රාහකත්වයේ වෙනසක් සිදුව ඇති අතර වසර ගණනාවක් පුරා ඩේවිස් කුසලාන සඳහා අනුග්‍රහය දැක්වූ බී.එන්.පී. පරිබාස් සමාගම වෙනුවට මෙවර රකුටන් සමාගම ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.