Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු අවසන් වටය අද සිට

ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු අවසන් වටය අද සිට

editorial - 2022 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරගමාලාවේ අවසන් වටය හා අවසන් මහ තරග අද (11) වෙන්නප්පුව ‘ඇල්බට් එෆ්. පීරිස්’ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග මාලාව හෙටත් අනිද්දාත් (12-13) එහිදී පැවැත්වේ.

වයස 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ වයස කාණ්ඩ හතරක තරගමාලාවන්හි අවසන් වටයේ තරග වෙන්නප්පුවේදී පැවැත්වීමට නියමිතය. තරගමාලාවේ කලාප වට ශූරීන් හා අනුශූරීයන් වන කණ්ඩායම් ‘ඒ’ හා ‘බී’ යන කාණ්ඩ දෙකකින් අවසන් වටයේ තරග සඳහා සහභාගිවීමට නියමිතය.

පසුගිය ඔක්තෝබර් 17-18 යන දිනවල  ගාල්ල දඩල්ල ක්‍රීඩාංගනයේදී මෙම අවසන් වටයේ තරගමාලාව පැවැත්වීමට නියමිතව  තිබියදී වර්ෂා කාලගුණය හේතුවෙන් අත්හිටුවීමට සිදුවිය.

නෙස්ලේ ලංකා සමාගම ‘මයිලෝ’ සන්නාමය යටතේ මෙවර 29 වැනි වතාවටත් තරගමාලාවට අනුග්‍රහය දක්වයි. ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය තරගමාලාව සංවිධානය කරයි.

වසර 2020 හා 21 යන වසරවලදී රට තුළ උද්ගතවූ ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම තරගමාලාව පැවැත්වීමට නොහැකි විය. අවසන් මහ තරග ඉරිදා (13) පස්වරු 3 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු අවසන් වටය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.