Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ටොම් මූඩි මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය. විස්සයි20 තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය ජූනි මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතය.
2005 වසරේ සිට 2007 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මූඩි මහතා, මේ වසරේ මාර්තු මස 1 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් පත්විය.
ජාත්‍යන්තර වැඩසටහන් සහ දේශීය තරගාවලි අධීක්ෂණය කිරමින් ජාතික කණ්ඩායමේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීම ඔහුගේ ප්‍රධාන කාර්යයයි.
අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශය මත ටොම් මූඩි මහතා මෙම තනතුරට පත්කරන ලදි. එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පුහුණුවීම්, තරග රටාව සහ දස්කම් අධීක්ෂණය කිරීමත්, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණය කිරීමත් ඔහුගේ අරමුණ වී තිබේ.
ටොම් මූඩි මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ කාල වකවානුව තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගත් අතර ලෝක කුසලාන අනුශූරයන් බවටද පත්විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.