Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පැරිස් නුවරට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පැරිස් නුවරට

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(නාමල්  පතිරගේ)
ප්‍රංශයේ පැරිස් නුවරදී සිකුරාදා ආරම්භ වන 33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද (24) රාත්‍රියේදී  දිවයිනෙන් පිටත්ව ගියේය. 
 
කෙස්වූවත් එහි කළමනාකරු සමන් කුමාර ගුණවර්ධන මහතාගේ  එහි ළගාවීම ප්‍රමාදවී තිබේ.ඒ අනුව ඔහු පැරිස් නුවරට ළගාවීමට නියමිතව  ඇත්තේ ජූලි 30 වැනිදාය. පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය  අගෝස්තු 1 වැනිදා  සිට 11 වැනිදා දක්වා පැවැත්වේ. 
 
මෙවර පැරිස් ඔලිම්පික් තරග සංචාරයේදී ශ්‍රී ලංකා සමස්ත  කණ්ඩායමේ  නායකත්වයද දරන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි  ලේකම්ගේ ඇතුළුව මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න හා මීටර් 400 ක්‍රීඩක  අරුණ දර්ශන ශ්‍රේණිගත ලකුණු ක්‍රමය ඔස්සේ  පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට සමත් වූහ.
 
දකුණු ආසියානු කලාපයේ ඉන්දීයාව  හැරෙන්නට වැඩිම මලල ක්‍රීඩක සහභාගිත්වය මෙවරත් ශ්‍රී ලංකාවෙනි. මොවුන්ගේ පුහුණුකරුවන් වන සුසන්ත  ප්‍රනාන්දු, අසංක රාජකරුණා හා ප්‍රදීප් නිෂාන්ත යන මහත්වරුද ඊයේ රාත්‍රියේදී  දිවයිනෙන්  පිටත්ව ගියහ.
 
කෙසේවූවත් මෙවර පැරිස් ඔලිම්පික් නිර්දේශ ලැබීම කෙරෙහි මහත් බලාපොරොත්තු  තබා සිටි තත්පර 9.96 ක මෙතෙක් උපරිම දක්ෂතාවයක් දක්වමින් දකුණු  ආසියාවේ වේගවත්ම මිනිසා බවටත් පත්ව  සිටින  යුපුන් අබේකෝන්ට අවාසනාවන්ත අයුරින් මෙවර ඔලිම්පික් සහභාගිත්වය වැළකී  ගියේය. 
 
කෙසේවූවත් ඔහු ගිය වර ටෝකියෝ (2022) ඔලිම්පික්  උලෙළට  නිර්දේශ ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිස්  ඔලිම්පික් ඉසව් මූලික වට සදහා සහභාගි වන ආකාරය (ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත. 
 
 
තරුෂි කරුණාරත්න  (මීටර් 800 - කාන්තා)  අගෝස්තු 02 - : පෙරවරු 11.15 ට
අරුණ දර්ශන  (මීටර් 400 - පිරිමි)  අගොස්තු 04 - රාත්‍රි 10.35 ට 
දිල්හානි  ලේකම්ගේ (හෙල්ල විසි කිරීම කාන්තා) අගෝස්තු  07 -:පස්වරු 1.55 ට
 
මේ අතර ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ කේවල පිරිම් ඉසව්වේ මූලික වටයට ලබන සෙනසුරාදා (27) පස්වරු 2.30 ට ශ්‍රී  ලංකා වේලාවෙන් තරග වදියි.
 
ඒ අතර පිහිනුම්  ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න මීටර් 100 (කාන්තා - පසුපස ආර) ඉසව්වේ මූලික වටයට ජූලි 29 වැනිදා පස්වරු 2.30 ටද හා ශ්‍රී ලංකා පිහිනුම්  ක්‍රීඩක කයිල් අබේසිංහ ජූලි 30 වැනිදා පස්වරු 2.30 ට මීටර් 100 (පිරිමි - නිදහස් ආර) ඉසව්වේ මූලික වටයටද සහභාගිවීමට නියමිතය. ඒ ශ්‍රී  ලංකා වේලාවෙනි. 
 

අදහස් (0)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පැරිස් නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.