Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (12 වැනිදා) පැවැති තරගයේදී ඉන්දියාව ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බ්‍රහස්පතින්දා (14 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන තරගය අවසන් පූර්ව තරගයක් බවට පරිවර්තනය වී තිබේ. මෙම තරගය බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග දෙකක් ජයගත් හෙයින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ඉන්දියාවට හිමිවී තිබේ. තරගයක් බැගින් ජයගත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ප්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා ඇතත්, ශුද්ධ ලකුණු වේගය මත ශ්‍රී ලංකාවට දෙවැනි තැන හිමිවී තිබේ. ඒ අනුව බ්‍රහස්පතින්දා පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන්, ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාව සමගින් තරග වදිනු ඇත.
යම් හෙයකින් ශ්‍රී ලංකා - පාකිස්තානු තරගය වර්ෂාවට සේදී ගියහොත්, එතැනින් පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ තරග අවසන් වන බැවින්, ශුද්ධ ලකුණු වේගය මත ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.
බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයේ මේ දක්වා එකම තරගයක් හො ජයගෙන නැති බැවින්, ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් නැත. ලබන සිකුරාදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත්තද, බංග්ලාදේශයට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2 කි. එය අවසන් තරගයට පිවිසීමට ප්‍රමාණවත් නොවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.