Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

editorial - 2024 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මැදිහත්වීමකට ඉඩ නොතබා ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ  උද්ගතව තිබෙන අභය්‍යන්තර පාලන ගැටලු ව්‍යවස්ථානූකූලව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස  එහි ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධිකරණ දෙපාර්තමේන්තුවේ  සහකාර අධ්‍යක්ෂ  (ආයතනික හා පාලන)  ජෙරම් පොයිවේ මහතා ශ්‍රී ලංකාවට පෙරේදා (11) ලිපියක් යොමු කරමින් කියා සිටියි.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට ඔහු එම ලිපිය යොමු කර තිබේ.

මෙම තත්වය මෙරට ඔලිම්පික් කමිටුවේ  කීර්තිනාමයට හා ක්‍රියාකාරීත්වයට බරපතළ ගැටලු ඇති කරවන්නක් බැවින් එය ව්‍යවස්ථාවට අනුකූළව ව්සදා ගන්නා ලෙසත් ආචාර ධර්ම කමිටුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිගමන හා නිර්දේශ ප්‍රමාදයකින් තොරව පරීක්ෂා කර බලා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් ජෙරම් පොයිවේ මහතා දක්වා තිබේ.

ස්විට්සර්ලන්තයේ ලූසෑන් නුවර පිහිටි අන්තර් ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ සිට මෙම ලිපිය ඔහු ශ්‍රී ලංකාවට යොමු කර ඇත.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුබ්‍රමනියම් මහතා විසින් ආචාර ධර්ම කමිටුවේ ඉහත වාර්තාව සම්බන්ධයෙන් කරුණු 13 කින් සමන්විතව සිය විධායක සභාවට යොමු කළ ලිපියක් පදනම් කර ගනිමින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට මෙම පිළිතුරුදීම කර තිබේ.

මේ අතර සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ දැනුම්දීමකට ප්‍රතිචාර දක්වන ආසියානු ඔලිම්පික් සභාවේ ආචාර ධර්ම කමිටුවේ සභාපති දේබේන්ද්‍රනාත් සාරංගි මහතා ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන්  එහි ආචාර ධර්ම කමිටුව ලබා දුන් නිගමන ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් යෝජනා කරයි.

කෙසේවූවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් විමර්ෂණ වාර්තාවක් පදනම් කර ගනිමින් මහ ලේකම්වරයාට එරෙහිව ලබාදී තිබෙන බව කියන නිගමනයන්හි පවතින දෝෂ  අභියෝගයට ලක් කරමින් එම පාර්ශවය විසින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට වෙනම පැමිණිල්ලක් (ලිපියක් ) යොමු කිරිමට තීරණය කර තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.