Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා හිටපු නායක විරාට් කෝලි මෙන්ම ඉන්දීය පිලේ අංක 1 කඩුලු රකින්නා වන රිෂාබ් පාන්ට් ද ක්‍රීඩා නොකරනු ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීහු මේ බව තහවුරු කර සිටිති.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී විරාට් කෝලි විවේක ගන්වන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීහු ඊයේම (18 වැනිදා) නිල නොවන ලෙසින් ප්‍රකාශ කර තිබිණ.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයේදී කෝලි (52) සහ රිෂාප් පාන්ට් (52) දෙදෙනාගේ අර්ධ ශතක හේතුවෙන් ඉන්දියානුවෝ ලකුණු 8 කින් ජයගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙසින් ඉන්දියානුවෝ තරගාවලිය ජයගත්හ.
අවසන් ජාත්‍යන්තර ඉනිම 4 දී කෝලිගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 8, 0, 17 සහ 52 ක් ලෙසිනි. රිෂාබ් පාන්ට් සිය ලකුණු 52 ලබාගැනීම සඳහා මුහුණ දුන්නේ පන්දු 28 කට පමණි. කොදෙව් පිල සහ ඉන්දියාව අතර අවසන් විස්සයි-20 තරගය හෙට (20 වැනිදා) කොල්කටා නුවරදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය 24 වැනි බ්‍රහස්පතින්දා ලක්නව් නුවරදී ආරම්භ වෙයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.